简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 19 – මඩකලපු දිස්ත්‍රික්කයේ පිහිටි වනජීවි රක්ෂිත ප්‍රදේශ

Content Image

සහෝදරත්වය

මම 2014 වර්ෂයේදී සේවය කලේ මඩකලපු දිස්ත්‍රික්කයේ. මඩකලපු දිස්ත්‍රික්කයේ තැන් තැන් වල රක්ෂිතකිහිපයක්ම පිහිටලා තිබුනත් ඒවා අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත නැහැ. නමුත් මඩකලපු දිස්ත්‍රික්කය පුරාම වන අලි ප්‍රශ්නය තියෙනවා . ඒ නිසා බීට්ටු අඩවි කාර්යාලයත් වන ජීවී දෙපාර්තමේන්තුව මඟින් පවත්වා ගෙන ගියා. ඒක පිහිටලා තිබුනේ කල් අඩි පාලම ලඟ. මේ කාර්යාලයේ මා යටතේ තවත් නිලධාරීන් කිහිප දෙනෙක් සේවය කලා.

දවසක් අපිට පණිවුඩයක් ආවා අලි පැටියෙක් තුවාල වෙලා ඉන්නවා කියලා . අපි බලන්න ගියපුවාම දැක්කා අවුරුදු පහක විතර පොඩි පිරිමි අලි පැටවෙක් වැටිලා ඉන්නවා. පැටවාට සේලයින් දුන්නම නැගිටලා කලේ පැත්තට යන්න ගියා. පසුව අපි දිගටම අලි පැටවාව හෙවුවත් හමු වුනේ නෑ. මේ කාලයේදීත් එල්. ටී. ටී. ඊ. සංවිධානය වලලපු බිම් බෝම්බ තියෙන්න පුලුවන් නිසා අපි කැළෑවල වැඩිය ඇවිදින්නේ නෑ.

මේ සිද්ධියෙන් සතියකට විතර පස්සේ උදේ දහයට විතර පණිවිඩයක් ආවා අලියෙක් ගමට පැනලා ප්‍රචණ්ඩ කාරී විදියට හැසිරෙනවා කියලා. මගේ සහායට හිටියේ සීමිත කාර්ය මණ්ඩලයක්. ඒ නිසා යුධ හමුදාවේ දෙන්නෙකුත් කතා කරගෙන අපි ගමට ගියා. අලියා හැසිරිලා තියෙන්නේ අති ප්‍රචණ්ඩ කාරී විදියට. සාමාන්‍යයෙන් වන අලි ගම් වදින්නේ රාත්‍රියට. නමුත් මේ සිද්ධිය සිදු වන්නේ උදේ කාලයේ. අලියා ගෙදරකට ගිහින් ඉස්සරහ හිටපු බල්ලෙක්ව තලලා මරලා දාලා තිබුණා. ඒ ලඟම පෙර පාසැලකුත් තිබුණා. ළමයි, සෙනඟ කෑ ගහනවා. අපි අලියා හොයමින් නිලධාරීන් වෙන් වෙලා තැන් තැන් වල ගියා. මේ අතරේ අපි අලියාව දුටුවා . අලියා අපි පස්සෙන් එළවගෙන ආවා . අපේ වාහනය නවතලා තිබුනේ. රියදුරාට පුලුවන් වුනා වාහනයට නැඟ ගන්න. අනිත් අය වාහනයට නඟිනකම් මම නැග්ඟේ නෑ. නමුත් මට පෙනුනා මට වාහනයට නැඟ ගන්න වෙලාවක් නෑ කියලා. මම දුවලා ගිහින් ගහකට මුවා වුණා. අලියා දුවගෙන ඉස්සරහට ගියා. මම බේරුණා. ටික වෙලාවකින් අපි අලි වෙඩි ගහලා අලියාව කැළෑවට පන්නලා දැම්මා.

පස්සෙ අපි මේ සිද්ධිය වුණේ කොහොමද කියලා හොයලා බැලුවා. අපිට දැන ගන්න ලැබුණා අර මුලින් කියපු අලි පැටවා මැරිලා ඉන්නවා කියලා. තවත් හොයනකොට අපිට මළ සිරුරු හම්බ වුණා. පැටවා හක්ක පටස් එක්ක කාලා ඉදලා තියෙන්නේ. මේ පැටවා ලඟ පිරිමි අලියෙක් දවස් ගානක් හඬමින් කෑ ගසමින් ඉදලා තියෙනවා. ගම්මුන් දුන්න තොරතුරු වල හැටියට මේ ගමට ආපු අලියාම තමයි ඒ. පැටවා මල වේදනාවට අලියා ගමට එන්න ඇති කියලා හිතුණා.

මෙය සංවේදී සිද්ධියක් විදියට මගේ මතකයේ රැඳුණා. සාමාන්‍යයෙන් අලි පැටවුන් සමඟ එකට ඉන්නේ මවක්හෝ රංචුවක් වුනත් මෙතනදී පැටවා සමඟ ඉදලා තියෙන්නේ පිරිමි අලියෙක්. සමහර විට රංචුවෙන් මඟ ඇරුන අලි පැටවෙක්ව වෙනත් අලියකු බලා ගත්තා වෙන්නත් පුළුවන්.

ඒ සිද්ධියේදී ජීවිත ගණනාවක් හානි වෙන්න වුනත් ඉඩ තිබුණා.

 

ජානක ශාන්ත කුමාර මහතා

ජානක ශාන්ත කුමාර මහතා 1998.11.09 වන දින  3  වන  ශ්‍රේණියේ අඩවි වන ආරක්ෂක නිලධාරියෙකු ලෙස වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුනේය. පළමුව බූන්දල ජාතික උද්‍යානයේ සේවය කළ ඔහු, ගල්වල ජාතික උද්‍යානය, තොටබෝව අඩවිය, ලීගල අඩවිය හා මුල්ලේගම අඩවිවලද, යාල ජාතික උද්‍යානයේ පළටුපාන මූලස්ථානයේ හා යාල 3, 4, 5 කලාප වලද උඩවලව ඇත් අතුරු සෙවණේද මඩකලපු අලි බලන ඒකකයේද දොඩන්කුඹුර කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේද සේවය කළේය.

දැනට ඔහු පළමු වැනි ශ්‍රේණියේ වන අඩවි ආරක්ෂක නිලධාරි, උද්‍යාන භාරකරු ලෙස බූන්දල ජාතික උද්‍යානයේ සේවය කරනු ලබයි.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති ඔහු එම පාඨමාලාවේම කොටසක් ලෙස ඉන්දියාවේද මාසයක පමණ කාලයක පුහුණුවක් ලබා ඇත. තවද චීනයේද කෙටි පුහුණුවක් ලබා ඇත.

ජානක ශාන්ත කුමාර මහතාගේ බිරිඳ, තුශාරි බුද්ධිකා අබේරත්න මහත්මිය, මාතර දීයගහ නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරනු ලබයි. ඔහුගේ පුතණුවන් උසස් පෙළ හදාරන අතර දියණිය අට වෙනි ශ්‍රේණියේ ඉගෙනීම ලබන්නීය.

රත්නමාලි, නාවිමනදකුණ, මාතර ඔහුගේ ලිපිනයයි.

මඩකලපු දිස්ත්‍රික්කයේ පිහිටි වනජීවි රක්ෂිත ප්‍රදේශ

මඩකලපු දිස්ත්‍රික්කයේ පිහිටි වනජීවි රක්ෂිත ප්‍රදේශ ලෙස කායන්කර්නි සමුද්‍ර අභයභූමිය, ත්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතයේ කොටසක් සහ සේරුවිල අලේ අභයභූමියේ කුඩා කොටසක් ඇතුලත් වේ.

මඩකලපු දිස්ත්‍රික්කයේ පිහිටි වනජීවි රක්ෂිත ප්‍රදේශවල සිතියම

කායන්කර්නි සමුද්‍ර අභයභූමිය

කායන්කර්නි සමුද්‍ර අභයභූමියේ සිතියම

ශ්‍රී ලංකාවේ නැගෙනහිර කලාපයේ වෙරළ තීරයේ පිහිටි ප්‍රධාන සමුද්‍ර පාරිසරික ස්ථානවලින් එකක් වන මඩකපුවේ පිහිටි කායන්කර්නි කොරල්පරය2019 අප්‍රේල් 11 වනදින වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ සමුද්‍ර අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.මෙලෙස සාගර පරිසර පද්ධති සංරක්ෂණය සඳහා ප්‍රකාශයට පත් කර ඇති මඩකලපුව දිස්ත්‍රික්කයේ, නැගෙනහිර පළාතේ කෝරළේ පත්තුව – උතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි හෙක්ටයාර 953 ක භූමි ප‍්‍රමාණයකින් සහ එම භූමි ප‍්‍රදේශයට යාබද සමුද්‍ර කලාපයෙන් සමන්විත ඉඩම “කායන්කර්නි සමුද්‍ර අභයභූමිය” ලෙස හඳුනා ගනි.මෙය විවිධාකාර කොරල්පර සහ අනෙකුත් ජීවමාන ශාක හා සත්ව ප්‍රජාවන්  සදහා අනර්ඝ නිවහනක්  වේ.මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශයට ඔබ්බෙන් පිහිටා ඇති කායන්කර්නියට අයත්,ගොඩබිම් ප්‍රදේශය මෙන් කිහිප ගුණයකින් විශාලවු සමුද්‍ර භූමියේමේ දක්වා සොයාගත් මත්ස්‍ය විශේෂ බොහොමයක් ඇතුළුව ඉහළ ජෛව විවිධත්වයකින් යුතු වේ. මඩකලපුව උතුරමෙම කොරල්පරය වෙරළේ සිට මීටර් 800 ක් පමණ විහිදෙන බව පැවසේ.වර්ණවත් මත්ස්‍යයින්ගෙන්ද අලංකාර වු දියයට උද්‍යානයක් බදු වු මෙය සංචාරක ආකර්ෂණය නිතැතින්ම  දිනා ගැනීමට සමත්ව ඇත.

කායන්කර්නි සමුද්‍ර අභයභූමිය
කායන්කර්නි සමුද්‍ර අභයභූමිය

කොරල්පර මත හදුනාගත් සමනල මත්ස්‍ය විශේෂ 18 ක් පැහැදිලි ජලයේ දක්නට ලැබේ. සමනල මත්ස්‍යයන්ට  උදාහරණ ලෙස, Chaetodon විශේෂ; Red-tailed butterflyfish (Chaetodon collare), Speckled butterflyfish (Chaetodon citrinellus), Blackwedged butterflyfish (Chaetodon falcula), Yellowhead butterflyfish (Chaetodon xanthocephalus), Lined butterflyfish (Chaetodon lineolatus), Scrawled butterflyfish (Chaetodon meyeri), Black-backed butterflyfish (Chaetodon melannotus), Latticed butterflyfish (Chaetodon rafflesi), Melon butterflyfish (Chaetodon trifasciatus) සහ Triangle butterflyfish (Chaetodon triangulum) වේ. මේවා ඉතා කැපී පෙනෙන සහ වර්ණවත් සමනල මාළුන්  වේ. ඔවුන් ජීවත් වන්නේ සෞඛ්‍ය සම්පන්න කොරල්පර පසුබිමක පමණක්ම වේ. මෙම වාසභූමිවල මෙම විශේෂයන් වැඩිපුර සිටීම, වාසස්ථානයේ ජෛව විවිධත්වය පෙන්නුම් කරයි. ඔවුන්ගේ වර්ණවල විවිධත්වයට සංචාරකයින් නිතැතින්ම ආකර්ෂණය වේ. ඇල්ගී අතර, Caulerpa taxifolia, Ulva, Sargassam සහ Padina විශේෂ ඇත. සිහින් මඩ සහිත පතුළේ කොරල්පර අතර පිහිටා ඇති හලෝෆිලා Halophile species සහ එන්හලස් Enhalus acoroides යන මුහුදු තෘණ විශේෂ ද ඇත. ඒවා මුහුදු පතුලේ ඇති එකම සපුෂ්ප ශාක වන අතර සාගරයේ ජීවත් වන එකම ශාක වේ. කිමිදුම්කරුවෙකු කොරල් විශේෂවල විවිධත්වය දකින අතර, Devil’s hand corals (Lobophytum)සහ Staghorn කොරල්පර Acropora cervicornis,Acropora formosa, Rose coral (Montipora aequituberuulata) යන කොරල් විශේෂ ඒ අතර වේ. තවත් විවිධ වර්ගයේ කොරල් විශේෂ මාලාවක් ලෙස, Cauliflower coral or Lace coral (Pocillopora damicornis), Rasp coral (Pocillopora verrucosa), Pocillopora eydouxi, Stony coral (Porites rus), Star coral (Favites abdita)වේ. Feather duster worms (Sabella species), Lobsters (Panulirus species), Common spider conch (Lambislambis), The giant spider conch (Lambis truncate),Coral snails (Drupa species), Onus species සහ Sea urchin (Echinethrix calamaris) මේ කොරල් පර අතර දක්නට ලැබෙන අපෘෂ්ඨවංශිකයන් (Invertebrates) සමහරකි.

Melon butterflyfish(Chaetodon trifasciatus)

කායන්කර්නි සමුද්‍ර අභයභූමිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව පාර්ශවකරුවන් විශාල සංඛ්‍යාවක් ඒකාබද්ධ සර්ව කාලීන උත්සාහයක නිරත අතර මෙම සංරක්ෂණ අභ්‍යාසයේ පාර්ශ්වකරුවන්  ලෙස සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම්ගේ සහභාගීත්වය ඇත.

ත්‍රිකෝණමඩුව ස්වභාව රක්ෂිතය

ත්‍රිකෝණමඩුව ස්වභාව රක්ෂිතයේ සිතියම

අප්‍රකට වනජීවි රක්ෂිතයක් වු ත්‍රිකෝණමඩුව,මඩු ගස් බහුලව ව්‍යාප්ත වුණු පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කයන් හරහා දිවයයි. වියළි මිශ්‍ර සදාහරිත වන වැස්මකින් යුත් මෙම භූමිය 1986 ඔක්තෝම්බර් 24 වනදින අංක 424/24 යටතේ ගැසට් කර ඇත. සමස්ත බිම සමතලා භූ ලක්ෂණ සහිත බැවින් තෘණ පිටි ද ව්‍යාප්ත වී ඇති අතරභූමියහෙක්ටයාර් 25019 ක් පමණ වු ඉහළ වනඝනත්වයකින් වැසි ඇත. බුරුත,පලු,වීර,මිල්ල,කළුවර,කළුමැදිරිය,මයිල වැනි ශාක වැස්මෙන් සහ මාන, ඉළුක්වැනි තෘණ විශේෂ දමෙහි දැකගත හැක. වනපෙතට ගාම්භීරත්වයක් එක්කරන්නාවු අලි-ඇත්සේනා තමන්ගේ වාර්ෂික සෘතු චලනය සදහා ත්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතය භාවිතයට ගනි. මහවැලි ගගේ අතු ගංගා 2ක් වන වෙරුගල් ආරු සහ කන්දකාඩු ආරු රක්ෂිතය හරහා ගලා යන අතර වැව් 5-10 අතර ප්‍රමාණයක් මෙන්ම විල්ලු දෙකකින්ද   සමන්විත වේ. වියළි කලාපයට අයත් සතුන්ගේ නිජ බිමක් වන මෙය අලියා,තිත්මුවා, ගෝනා,කොටියා වැනි ක්ෂිරපායි සතුන්ගෙන් අලංකාර වේ.

සේරුවිල අලේ අභය භූමිය

සේරුවිල අලේ අභය භූමියේ සිතියමක්

සේරුවිල අලේ අභය භූමියක් ලෙස 1970.10.09 වන දින  අංක 14925 යටතේ ගැසට් කර ඇත. මෙම අභය භූමිය ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රිකයේ සේරුවිල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොඩ්ඩියාර් පත්තුව නම් ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ හෙක්ටයාර් 15,540 භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවති. අභයභූමියේ වෘක්ෂලතාදිය වියළි කලාපීය සදාහරිත වනාන්තර වලින් යුක්ත වන අතර වෘක්ෂලතාවන්ගේ විවිධත්වය නිසා මෙහි ජිවත් වන සතුන්ට ආහාර, සෙවණ හා රුකවරණය නොඅඩුව ලැබෙනවා ඇත. උල්ලක්කලී (Ullackalie)ලෙස හඳුන්වනු ලබන විශාල නොගැඹුරු එනම් මීටර් 2 ක් පමණ ගැඹුරැති කලපුවක් මේ අභය භූමියට අයත් භූමි ප්‍රදේශයේ පිහිටා ඇත.

මඩකලපු දිස්ත්‍රික්කයේ පිහිටි වනජීවි රක්ෂිත ප්‍රදේශ පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Names

කොටියා

புலி

Leopard

Panthera pardus kotiya

අලියා

யானை

Asian elephant

Elephas maximus

තිත්මුවා           

புள்ளி மான்

Spotted deer

Axis axis ceylonensis

ගෝනා

மரை

Sambar

Rusa unicolor

සමනල මත්ස්‍යයන් Chaetodon විශේෂ                       

வண்ணத்துப்பூச்சி மீனினங்கள்

Chaetodon வகைகள்

Butterfly fish species

Chaetodon species

 

  

Red-tailed butterflyfish

Chaetodon collare

  

Speckled butterflyfish

Chaetodon citrinellus

  

Blackwedged butterflyfish

Chaetodon falcula

  

Yellowhead butterflyfish

Chaetodon xanthocephalus

  

Lined butterflyfish

Chaetodon lineolatus

  

Scrawled butterflyfish

Chaetodon meyeri

  

Black-backed butterflyfish

Chaetodon melannotus

  

Latticed butterflyfish

Chaetodon rafflesi

  

Melon butterflyfish

Chaetodon trifasciatus

  

Triangle butterflyfish

Chaetodon triangulum

පණු විශේෂ

புழு இனங்கள்

Feather duster worms

Sabella species

පොකිරිස්සන්

பாறை இறால்

Lobsters

Panulirus species

බෙල්ලන් විශේෂ

சங்கு இனங்கள்

Common spider conch

Lambis lambis

බෙල්ලන් විශේෂ

சங்கு இனங்கள்

The giant spider conch

Lambis truncate

ගොලු බෙල්ලන්

கடல் நத்தைகள்

Coral snails (Drupa species)

 

පණු විශේෂ

புழு இனங்கள்

Onus species

 

මුහුදු ඉකිරියන්

இரட்டை சுழல் முல்லை

Sea urchin

Echinethrix calamaris

කොරල් විශේෂ

பவளப்பாறை இனங்கள்

Devil’s hand corals

Lobophytum

  

Staghorn

 

   

Acropora cervicornis

   

Acropora formosa

  

Rose coral 

Montipora aequituberuulata

  

Cauliflower coral or Lace coral

Pocillopora damicornis

  

Rasp coral

Pocillopora verrucosa

   

Pocillopora eydouxi

  

Stony coral

Porites rus

  

Star coral

Favites abdita

මඩකලපු දිස්ත්‍රික්කයේ පිහිටි වනජීවි රක්ෂිත ප්‍රදේශ පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

බුරුත

முதிரை

Satin wood

 Chloroxylon swietenia

කළුවර

கருங்காலி

Ebony

Diospyros ebenum

මිල්ල

காட்டு நொச்சி

Milla

Vitex altissimia

පලු

பாலை

Palu

Manilkara hexandra

වීර

வீரை

Hedge Box wood

Drypetes sepiaria

කළුමැදිරිය

பதுரங்கலி

Kalumadiriya

Diospyros quaesita

මයිල அத்திMilaBauhinia racemosa

මාන

கமாச்சிப் புல்

Mana

Cymbopogon confertiflorus

ඉලුක්

தர்ப்பைப் புல்

Illuk

Imperata cylindrica

ඇල්ගීවිශේෂ         

 

 

Caulerpa taxifolia

  

 

Ulva

  

 

Sargassam

  

 

Padina

මුහුදු තෘණ විශේෂ -හලෝෆිලා 

 

 

Halophile species

එන්හලස් 

 

 

Enhalus acoroides

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව          

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය. – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ, කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූප- පිංතූර අන්තර්ජාලය ඇසුරෙනි.

උපුටා ගැනීම්-

news.lk

newsfirst.lk

dailynews.lk

lankapradeepa.com

Sunday Observer (16.12.2018)

Kayankerni Marine Sanctuary;  Ecological grandeur,  Ravi  Ladduwahetti, Sunday Observer (04.09.2022)

Preliminary  report on the Status of  Kayankerni Coral Reef, Sri Lanka 2019,  NishanPerera,  Consultant,  SACEP

දිනමිණ (2022.06.04)