රාජකාරියට ශක්තිමත් අත්වැලක්
මම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ 1997 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ දී ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් විදියට. මුලින්ම ඉන්දියාවට ගිහින් උත්තරාකන්ද් වල ඩෙහෙරාදුන් ආයතනයේ මාස 09 ක පුහුණුවීම් පාඨමාලාවක් හැදෑරුවා. ඉන්පස්සේ මාව අනුයුක්ත වුනේ ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයට. එතනදී එම පුහුණු කේන්ද්‍රය භාරව සිටීමත් වනජීවී නිලධාරීන් සඳහා පුහුණුකරුවකු ලෙස ක්‍රියා කිරීමත් මගේ කාර්යයන් වුණා.
අවුරුදු 05 කට විතර පස්සේ මාව සේවයට පත් කෙරෙන්නේ මධ්‍යම පළාතේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙසට. එහිදී එම පලාතට අයිති වුනු වික්ටෝරියා – රන්දෙණිගල – රන්ටැඹේ අභයභූමිය මට අත්දැකීම් සම්භාරයක් ලබා දුන්නා. වනාන්තර ආශ්‍රිත පරිසර පද්ධතියක් පවතින්නේ සන්තතික ලෙස. ඒ කියන්නේ වනාන්තරය හටගෙන ස්ථාවර ඝන කැළෑවක් බවට පත්වන්නේ කාලයකට පසුව. සාමාන්‍යයෙන් තිබෙන වනාන්තරයක් යම්කිසි හේතුවකින් බිඳී යාමෙන් පස්සේ වනාන්තරය නැවත හටගෙන කාලයත් සමඟ ස්ථාවර වෙනවා. නමුත් වනජීවීන්ට ඝන කැළෑවකට වඩා ජීවත් වීමට උචිත සන්තතික අවධියේ තිබෙන කැළෑවක්. ඒ නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදියට අපි වනාන්තරයක් නැවත ප්‍රතිස්ථාපනය වීමේ දී සන්තනික අවධිය පසු නොකර තබා ගන්න උත්සාහ කරනවා.
මේ වික්ටෝරියා – රන්දෙණිගල – රන්ටැඹේ අභයභූමියේ ප්‍රතිස්ථාපනය වන වනාන්තර ප්‍රදේශ තිබුණා. සංවර්ධන ක්‍රියාකාරකම් වලට එළි වුන, නැවත වනාන්තර බවට පත් වෙමින් තිබෙන භූමි.අපි ක්ෂේත්‍රයේ ඇවිදින කොට දැක්කා එහි බැදිවල ඉන්න මුවන්, ගෝනුන් වැනි සතුන්ට ජීවත් වෙන්න තියෙන පරිසරය ගුණාත්මකභාවයෙන් අඩු බව. ඒ මොහොතේ අභයභූමිය ඇතුළේ තිබුණු සමහර කුඹුරු වලින් කුඹුරු අක්කර තුනක් විතර අපි නිලධාරීන් එකතු වෙලා තෝරාගෙන බජරි අස්වද්දන්න තීරණය කළා සතුන්ට සුදුසු ආහාරයක් විදිහට. බජරි ඇට හොයා ගත්තා. සුළු ආයෝජනයක් කරලා බජරි පැල කර ගන්න අපට පුළුවන් වුණා. අපි බජරි පැල වෙලා සතියක් විතර යනකම් වගාව සතුන්ගෙන් ආරක්ෂා කළා. සතියකට විතර පස්සේ රැකීම නැවතුණාම සතුන්ගේ ප්‍රතිචාර හරි සාර්ථකයි. දවස් 2-3 යන විට අක්කර තුනම උලා කෑවා.
මේ රක්ෂිත ප්‍රදේශ ඇතුළේ නිලධාරීන් වැඩ කරනවා. අත්දැකීම් වලට අමතරව ගැටලු හඳුනා ගැනීමේ ශිල්පීය හැකියාවත් එක් නිලධාරියෙකුගෙන් එක් නිලධාරියෙකුට වෙනස් වෙනවා. එක් සැරයක් ක්ෂේත්‍රයේ සංචාරයක් යද්දී නිලධාරියෙක් දීප්තිමත් වර්ණයෙන් යුක්ත ඇදුමක් ඇන්දා. අපි කිව්වා මේ ඇදුම සුදුසු නෑ වෙන එකක් ඇද ගන්න කියලා. ‘අපි ඔිනෑ තරම් කැලෑවේ ගිහින් තියෙනවා ප්‍රශ්නයක් නෑ’ කියලා පිළිගන්නේ නැතිව ආවා. මඟදී අලි රංචුවක් හම්බ වුණා. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වුණේ මේ නිලධාරියා. ඔහු දුවලා ගිහින් ගල් දෙබොක්කාවක් මැදට පැනලා ජීවිතය බේරා ගත්තා. නමුත් ශල්‍යකර්මයකින් හිස් කබලේ කැබැල්ලක් අයින් කරන්න වුණා.
තවත් වරෙක අපි දුටුවා මේ අභයභූමියේ විශාල ප්‍රදේශයක මඩු ශාකය පැතිරෙනවා. මේ පැතිරීමත් එක්ක ගෝනුන්ගේ ගහණය වැඩි වුණා. ඊට සමගාමීව දඩයක්කාරයන් වැඩි වුණා. අපේ වැටලීම් වැඩි වුණා. අනවශ්‍ය ලෙස ශාකය පැතිරීම වළක්වන්න අපට සිදු වුණා.
ඒ වගේම පරිසරය එහි ජීවත් වන සතුන්ගේ සංචරණයට සුදුසු වෙන්න ඕනෑ. එක සැරයක් අපි දැක්කා හොඳින් සංචරණය කරන්න පුළුවන් ගෝනකු පහළට වැටිලා අස්ථි බිදිලා. සතුන්ට සුදුසු පරිදි රක්ෂිත ප්‍රදේශ කළමනාකරණයකළ යුතුයි කියන පාඩම අපි අත්දුටුවා.
තවත් කාලයක ඒ ප්‍රදේශයේ ජල හිඟයක් ආවා. අපි ඇවිදලා ජල උල්පතක් සොයා ගත්තා. ඒ ජල උල්පතෙන් ගමටත් වතුර දෙන්න අපට පුළුවන් වුණා.
වික්ටෝරියා – රන්දෙණිගල – රන්ටැඹේ අභයභූමිය විශාල සම්පතක්. සංකීර්ණ පරිසර පද්ධතියක්. ජෛව විවිධත්වය සහ පරිසර සංරක්ෂණය ගැන දැනුම් සම්භාරයක්. පරිසර තෝතැන්නක්.ජෛව විවිධත්වය ගැන කතා කරන කොට එහි සංස්කෘතික විවිධත්වය ගැනත් කතා කරන්න ඹ්නෑ. මහවැලි ගඟ කේන්ද්‍ර කර ගෙනවික්ටෝරියා – රන්දෙණිගල – රන්ටැඹේ ජලාශ ඉදිවුණේ 1980 වර්ෂයේ කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ දිස්ත්‍රික්ක තුනක. වික්ටෝරියා ජලාශය නුවර දිස්ත්‍රික්කයේත් රන්දෙණිගල ජලාශය නුවරඑළිය දිස්ත්‍රික්කයේත් රන්ටැඹේ ජලාශය බදුල්ල දිස්ත්‍රික්කයේත් පිහිටා තියෙනවා. මේ දිස්ත්‍රික්ක වල ජීවත් වන ජනතාවගේ සංස්කෘතිය වෙනස්. තමන්ගේ පරිසරය, ඉඩම් පාවිච්චි කරන ක්‍රමවේද වෙනස්. ඒ නිසා අභයභූමිය පාලනයේ දී සංස්කෘතික වෙනස්කම් රාශියක් අත්දකින්නත් අපට පුළුවන් වුණා.
මගේ රාජකාරි ජීවිතයට හොඳ ආරම්භයක් වික්ටෝරියා – රන්දෙණිගල – රන්ටැඹේ අභයභූමිය ලබා දුන්නා කිව්වොත් එය නිවැරදියි.
චන්දන සූරියබණ්ඩාර මහතා
චන්දන සූරියබණ්ඩාර මහතා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණේ 1997 ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස තරඟ විභාගයකින් ජය ගැනීමෙනි. ආරම්භයේදීම උත්තරකාන්ද් ප්‍රදේශයේ ඩෙහෙරාදුන් වනජීවී වනජීවී ආයතනයේ මාස 09 ක පුහුණුව ලැබූ ඔහු දෙවනුව ගිරිතලේ පුහුණු මධ්‍යස්ථානයේ ද තෙවනුව මධ්‍යම කලාපය භාරවද සේවය කළේය. අනතුරුව කොළඹ කාර්යාලයට අනුයුක්ත කෙරුණු සූරියබණ්ඩාර මහතා තම රාජකාරින්ට අමතරව සැලසුම් හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ රාජකාරි ආවරණය කිරීමද ඒ හා සමගාමීව සංචාරක පහසුකම් කළමනාකරණ හා පරිසර සංචාරක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද රාජකාරි ආවරණය කළේය.
අනතුරුව ඔහු නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස උසස්වීම් ලැබිය. පසුව රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ භාර අධ්‍යක්ෂවරයා ලෙස උසස්වීම් ලද චන්දන සූරියබණ්ඩාර මහතා 2017 ජූලි 24 වැනි දින වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරිණි. අද දක්වාම ඔහු එම තනතුරේ සේවය කරයි.
චන්දන සූරියබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා විශේෂ උපාධිධරයෙකි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුයුක්ත පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ (Postgraduate Institute of Science – PGIS) ජෛව විවිධත්ව සංරක්ෂණය සම්බන්ධයෙන් පශ්චාත් උපාධිය හදාරා ඇත.
චන්දන සූරියබණ්ඩාර මහතාගේ පියා ගුරුවරයෙකි. මව ගෘහණියකි. පියා රැකියාවේ ලද ස්ථාන මාරුවීම් හේතුවෙන් ඔහුට පාසල් කිහිපයකම ඉගෙනීමට ලැබීමට සිදුවිණි. ඔහු අවසානයට උගත් පාසල සඳලංකාවේ සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයයි. ඔහුගේ පවුල පුතුන් දෙදෙනෙකුගෙන් සහ දියණියකගෙන් සමන්විත වේ. පුතුන් දෙදෙනාසුගාර සූරියබණ්ඩාර හා ඉෂාර සූරියබණ්ඩාර තිඹිරිගස්වැව මාරිස්ටෙලා විද්‍යාලයේ අ.පො.ස.(උ.පෙ.) විභාගයේ ප්‍රථිඵල බලාපොරොත්තුවෙන් පසු වන අතර දියණිය අමාෂා සූරියබණ්ඩාර බෝලවලාන ආවේ මරියා පාසැලේ ඉගෙනුම ලබයි. සූරියබණ්ඩාර මහතාගේ ආදරණීය බිරිඳ සමන්තා බ්‍රිට්‍රෝ මහත්මිය සංවර්ධන නිලධාරිනියකි.
ඔහුගේ ලිපිනය ‘සේසත”, ඉරබඩගම, සඳලංකාව වේ.
වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභය භුමිය
ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම අභය භූමි අතරින් එකකි. එයශ්‍රී ලංකාවේ ජලවිදුලිය සපයන ප්‍රමුඛ ජලාශයන් වන වික්‌ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශ ආශ්‍රය කොටගෙන පිහිටා තිබේ.රටේ වැදගත්ම ජල විදුලි බල ප්‍රභවයන් වන මෙම ජලාශ තුනේ ජල පෝෂක ද්‍රෝණිය ආරක්ෂා කරනු ලබන්නේ මෙම අභය භුමිය තුළිනි. මෙම ජලාශ ත්‍රිත්වය වටා පිහිටා ඇති නිසා රක්‍ෂිත ප්‍රදේශය වික්‌ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභය භූමිය ලෙස සැලකීමටද එය හේතු වි ඇත. වර්ෂ 1987 ජනවාරි 30 වැනි දින වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්‌ෂක ආඥ පනතට අනුව අභය භූමියක් ලෙස ගැසට් අංක 438/16 යටතේ ප්‍රකාශයට පත්කර ඇති වික්‌ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභය භූමිය මහනුවර ආසන්නයේ සිට මිණිපේ අමුණ දක්‌වා මහවැලි ගං තීරයපුරා පැතිරී පවති.
කෙටියෙන් වී.ආර්.ආර් (V.R.R) අභය භූමිය ලෙසද හැඳින්වෙන මෙහි සමස්‌ත භූමි ප්‍රමාණය හෙක්‌ටයාර් 42,087.03 කි. මධ්‍යම පළාතේ මහනුවර හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌කත් ඌව පළාතේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයටත් අයත්ව පිහිටා ඇති මෙම අභය භුමිය පහතරට තෙත් කලාප, වියළි කලාප හා කඳුකර කලාප දේශගුණික ලක්‌ෂණවලින් සමන්විත වු ගංගාධාර වනාන්තරයක් ලෙසද සැලකිය හැක. මුහුදු මට්‌ටමේ සිට මීටර්650 සිට මීටර් 1200 දක්‌වා වෙනස් වන උස් කඳු මුදුන් තැනිතලා බෑවුම් රැසක් මෙම අභය භූමියට අයත් වෙයි. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර්2000 ක් පමණ වන අතර සැප්තැම්බර්, පෙබරවාරි යන මාසවල ඊසානදිග මෝසම් මගින් වර්ෂාව ලැබේ. අප්‍රේල් සිට අගෝස්‌තු දක්‌වා වියළි දේශගුණයක් මෙම අභය භූමිය තුළ පවතී.
ශ්‍රී ලංකාවේ විශාලම බහුකාර්යය ජලාශය වන වික්‌ටෝරියා ජලාශයේ වේල්ල ලංකාවේ උසම වේල්ල ලෙස සලකන අතර මෙය උස අඩි 400 කි, එනම් මීටර්122 කි.රන්දෙණිගල වේල්ලේ උස අඩි 332 කි.එය මෑත අවධියේ ප්‍රතිසංස්‌කරණය කොට විශාල කෙත්බිම් ප්‍රමාණයක් පෝෂණය කරන ජලාශය වේ.මෙයට අමතරව උමා ඔය ජලාශයෙන්ද පෝෂණය ලබන රන්ටැඹේ වේල්ලේ උස අඩි 30 කි
.
ජෛව විවිධත්වයෙන් පොහොසත් රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගැනිමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන්නේ දිවයින පුරා විසිරි පවතින විවිධ පාරිසරික දේශගුණික ලක්ෂණයන්ගෙන් යුත් වනාන්තර පද්ධතිය හේතුවෙනි.වික්‌ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභයභූමිය එහි ප්‍රමාණය හා සැලකිමේදි ඉතා විශාල ජෛව විවිධත්වයකට හිමිකම් කියයි. භූගෝලීය වශයෙන් තෙත් කලාපයේ මුදුනේ පිහිටා තිබුණද සාමාන්‍ය වියළි කලාපීය දේශගුණයක් දක්වන මෙහි වියළි තෙත් කලාපවල දක්‌නට ලැබෙන ශාක විශේෂ බහුලව දක්‌නට ලැබේ. වීරHedge boxwood(Drypetessepiaria), පලුCeylon iron wood(Manilkarahexandra),මිල්ලPeacock chaste tree(Vitexaltissima), බුරුතCeylon satin wood (Chloroxylonswietenia), වෙලන්Fishing rod tree(Pterospermumsuberifolium), කිරිකෝන් Ceylon oak tree (Schleicheraoleosa), කරCoromandel Boxwood (Canthiumcoromandelicum), වෙරළුCeylon Olive tree (Elaeocarpusserratus), දංSouth indian plum (Syzygiumcaryophyllatum), කීනKina (Calophyllum walker), නෙලූNelu (Strobilanthesviscosa), පිහිඹියFern leaf tree (Filiciumdecipiens),මහෝගනීMahogany (Swietenia macrophylla),කොස්Jack fruit (Artocarpusheterophyllus) වැනි ශාක විශේෂත් සැවානා තණබිම් ආශ්‍රිතව අරළුAralu(TerminaliaChebula), බුළුBulu(Terminaliabellirica),නෙල්ලිAmla(Phyllanthusemblica) වැනි ශාක විශේෂත් ප්‍රමුඛව දක්‌නට ලැබේ.එසේම අභය භූමිය තුළ ආක්‍රමණශීලී ශාක කිහිපයක් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් මෙම රක්‌ෂිතයේ වැඩෙන දේශීය හා ආවේණික ශාක රැසකගේ තත්ත්වය අවදානමකට ලක්‌ව ඇත.
පක්ෂීන් විශේෂ රැසකට මෙම ප්‍රදේශය යෝග්‍ය වනුයේ වනගත කඳු සහ නිම්න මෙන්ම විශාල ජලාශ සහ ගංගා පවතින බැවිනි.බම්බිය කඳු මුදුනට යන ගමන ඉතා ජනප්‍රිය විනෝද චාරිකාවක් වන අතර එතැන් සිට රන්දෙණිගල ජලාශයේ මනරම් දසුන් දැක බලා ගැනීමට හැකියාවක් පවතී. රිලවුන් කණ්ඩායම් සහ අලි ඇතුන් ගහනයන් අභය භූමියේ බහුලව සැරිසරන අතර බොහෝවිට සවස් කාලයේදී ඔවුන් ජලාශ අද්දර දී දැක ගත හැකිය.
සත්ත්ව විවිධත්වය අතින් අග තැන්පත් මෙහි අලියාAsian elephant (Elephasmaximus),ගෝනාSambar (Rusa unicolor),තිත්මුවාSpotted deer (Axis axisceylonensis),හිවලාGolden jackal (Canisaureus),වල් ඌරාWild Boar (Susscrofa), කොටියාLeopard(Pantheraparduskotiya),හාවාIndian hare (Lepusnigricollis)වැනි ක්‍ෂීරපායි විශේෂවාර්තා වේ. මෙම අභය භූමිය තුළ වෙසෙන උරග විශේෂ අතර පිඹුරාPython (Python molurus),නාගයාCobra (Najanaja),මුදුකරවලාCeylon krait (Bungarusceylonicus),කුණකටුවා Hump nosed viper (Hypnalehypnale)වැනි සර්ප විශේෂත්, හැල කිඹුලාMugger crocodile (Crocodyluspalustris) ද වේ.
හාවා(Lepusnigricollis)
රතු කෝනංගියා (Talicadanyseus)
ඉහළ අහස අලංකාර කරන විවිධ පක්ෂි විශේෂ අතරින්ලංකාවේ වාර්තා වන පක්‍ෂි විශේෂ 160 ක් පමණ මෙම අභයභුමිය තුළ වාර්තා වේ. ශ්‍රී ලංකා කහකන් කොන්ඩයාSri Lanka Yellow-eared Bulbul (Pycnonotuspenicillatus), හබන් කුකුළාSri lankaspurfowl (Galloperdixbicalcarata),ශ්‍රි ලංකා රන් මුහුණත් කොට්ටෝරුවා Yellow-fronted barbet(Megalaimaflavifrons),ලංකා වළි කුකුළාSri lankajunglefowl (Gallus lafayettii), ශ්‍රීලංකාඅළුකෑදැත්තාSri Lanka grey hornbill (Ocycerosgingalensis)ලංකා ගිරා මලිත්තාSri Lanka Hanging Parrot (Loriculusberyllinus), ශ්‍රී ලංකා මයිලගොයාSri Lanka woodpigeon(Columba torringtoniae),ලංකා බට ඇටිකුකුළාSri Lanka Green Billed Coucal (Centropuschlororhynchos) හා ලංකා අඳුරු නිල් මී මැසි මාරාSri Lanka Dull-blue Flycatcher (Eumyiassordidus)ආදි ලංකාවට ආවේණික පක්‍ෂීන් අතර වේ. මේ අභය භූමිය ආශ්‍රිතව සමනල විශේෂ 70 ක් පමණද වාර්තා වි ඇත.
මෙම අභය භූමිය තුළ වෙසෙන උභය ජීවී විශේෂ අතරේද විවිධත්වයක් දැකිය හැකිය. ලංකාවට ආවේණික දැඩි ලෙස හා වඳවී යැමේ තර්ජනයට ලක්‌වූ ලංකා කඳුකර මැඩියාSri Lanka frog (Fejervaryagreeni),පලා පඳුරු මැඩියාLeaf-nesting shrub frog (Philautusfemoralis),සහකඳුකර ගස් ගෙම්බාMontane Hourglass Tree Frog (Tarugaeques) යන උභය ජීවී විශේෂද මේ අතර වේ.
මිරිදිය මත්ස්‍ය විශේෂ අතර ලංකාවට ආවේණික වඳවී යැමේ තර්ජනයට ලක් වි ඇති Killifish(Aplocheiluswerneri)ලෙස උඩහඳයා,ඉරි හඳයා අභය භූමිය තුළින් ගලායන මහවැලි ගඟේ හා ඒආශ්‍රිත අතු ගංගා රැසකගෙන් වාර්තා වේ.
මෙවන් අනර්ඝ සම්පතින් යුත් මෙම භූමිය වර්තමානයේ විවිධ මිනිස් ක්‍රියාකරම් නිසා අවදානමකට පත්ව ඇත. අභය භූමිය වටා පිහිටි ජනාවාස ගොඩනැඟීම මත මෙහි ඇති දැවමය ශාක නොයෙකුත් හේතූන් මත කැපීම තුළින් වන වැසුම හෙළි පෙහෙළි කිරීම වරින් වර සිදුවේ.එසේම මෙම අභය භූමිය හරහා දිවෙන මහවැලි ගඟ ප්‍රමුඛ කරගත් ජලාශ්‍රිත ප්‍රදේශවල වැලි ගොඩදැමීම තුළින් ඉවුරු ඛාදනයට ලක්‌වීමත්, මත්ස්‍ය අභිජනන ස්‌ථාන වැනසීයාමත් සිදුවේ. තවද මෙම ජලාශ්‍රිත ප්‍රදේශවලට කැළි කසළ බැහැර කිරීමත්, කර්මාන්ත ශාලාවල රසායනික ද්‍රව්‍ය ජලාශවලට මුදා හැරීමත්තත්වය තවත් බරපතල වීමට හේතු වී ඇත.
අනවසර ක්‍රියාකාරකම් ලෙස ගෘහස්ථ මීහරකුන් සහ ගවයන් අභය භූමිය තුළට ඇතුළු කිරීමෙන් මෙහි වෙසෙන ක්‍ෂීරපායින්ට ආහාර හිඟවීම සිදු වේ. එමෙන්මහරකුන් තණ උලා කෑම නිසා පස සෝදා පාළුවීජලය බොරපැහැ ගැන්වීම වැනි ජල දූෂණ සිදුවීමත් සහ නායයැම් බහුල වශයෙන් සිදු වීමටත්එයහේතු වී ඇත.තවද ආහාර අලින්ටහිගවීම හේතුවෙන් අලි මිනිස් ගැටුමද මෙම ප්‍රදේශයේ වරින් වර සිදු වන්නේ එබැවිනි. සතුන් දඩයම් කිරීමද මෙහි නිතරම දක්නට ලැබෙන දෙයක් වි ඇත.
පාරිසරික නීති උල්ලංඝණය කරමින් කරනු ලබන මේ ආකාරයේ විවිධාකාර ක්‍රියාකරකම් හේතු කොටගෙන මෙම අභය භූමි තුළ සිදු කරන පාරිසරික හානිය අනාගතයේ දී මෙහි පැවැත්මට තදින්ම බලපෑ හැකිය. කෘෂිකාර්මික අතින් වැදගත් මහවැලි කලාපයේ මෙන්ම වියළි කලාපයේ ජල සුරක්‌ෂිතතාව සම්පූර්ණයෙන්ම බැඳී පවතින්නේද අභය භූමිය සතු වන වැස්‌ම මතය.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කරනු ලබන අභය භූමියක් තුල රජයේ ඉඩම් මෙන්ම පුද්ගලික ඉඩම්ද පිහිටා තිබිය හැකිය. එහෙත් එම පුද්ගලික ඉඩම් තුල ඉදිකිරිමක් හෝ යම් සංවර්ධන ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඒ සදහා වනජිවි අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගත යුතු වේ. වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව අභය භූමියක සිදුවන හානිකර ක්‍රියා නතර කිරීමට ඇති බලතල නිසි ලෙස ක්‍රියාවට නැංවීම මගින් මෙහි සිදුවන සියලු අනර්ථකාරී නීති විරෝධී ක්‍රියා නතර කිරීමේ හැකියාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතී. මතුපරපුර උදෙසා මෙවන් ස්වභාවධර්මයෙන් ලද දායාද ආරක්ෂා කර ගැනීමට සියළු දෙනාම උනන්දු විය යුතුය.
කොළඹ – කෑගල්ල – මහනුවර – තැන්නකුඹුර පාලම – හරහා අභයභූමිය වෙත ළඟා විය හැක .
වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභය භුමියපිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව
விக்டோரியா, ரன்தெனிகல, ரன்தெம்பெ சரணாலயம்தொடர்பான விளக்கத்தில் காணப்படும் விலங்குகளின் பெயர்ப் பட்டியல்
List of animals in the Victoria-Randenigala-Rantambe Sanctuary
Sinhala Names | Tamil Names | English Names | Botanical Name |
අලියා | ஆசிய யானை | Asian elephant | Elephasmaximus |
ගෝනා | மரை | Sambar | Rusa unicolor |
තිත්මුවා | புள்ளிமான் | Spotted deer | Axis axisceylonensis |
හිවලා | செந்நரி | Golden jackal | Canisaureus |
වල් ඌරා | காட்டுப்பன்றி | Wild Boar | Susscrofa |
කොටියා | சிறுத்தை | Leopard | Pantheraparduskotiya |
හාවා | இந்திய குழிமுயல் | Indian hare | Lepusnigricollis |
පිඹුරා | மலைப்பாம்பு | Python | Python molurus |
නාගයා | நாகம் | Cobra | Najanaja |
මුදුකරවලා | எட்டடி விரியன் | Ceylon krait | Bungarusceylonicus |
කුණකටුවා | திமில் மூக்கு குழிவிரியன் | Hump nosed viper | Hypnalehypnale |
හැල කිඹුලා | சதுப்பு நில முதலை | Mugger crocodile | Crocodyluspalustris |
ශ්‍රී ලංකා කහකන් කොන්ඩයා | மஞ்சள் காது புல்புல் | Sri Lanka Yellow-eared Bulbul | Pycnonotuspenicillatus |
හබන් කුකුළා | இலங்கை சுண்டங்கோழி | Sri lankaspurfowl | Galloperdixbicalcarata |
ශ්‍රි ලංකා රන් මුහුණත් කොට්ටෝරුවා | குக்குறுவான் | Yellow-fronted barbet | Megalaimaflavifrons |
ලංකා වළි කුකුළා | இலங்கை காட்டுக்கோழி | Sri lankajunglefowl | Gallus lafayettii |
ශ්‍රීලංකාඅළුකෑදැත්තා | இலங்கை சாம்பல் இருவாய்ச்சி | Sri Lanka grey hornbill | Ocycerosgingalensis |
ලංකා ගිරා මලිත්තා | இலங்கை தொங்கும் கிளி | Sri Lanka Hanging Parrot | Loriculusberyllinus |
ශ්‍රී ලංකා මයිලගොයා | இலங்கை மரப் புறா | Sri Lanka wood pigeon | Columba torringtoniae |
ලංකා බට ඇටිකුකුළා | பச்சை நிறக்கூவல் | Sri Lanka Green Billed Coucal | Centropuschlororhynchos |
ලංකා අඳුරු නිල් මී මැසි මාරා | வழி மரிச்சான் குருவி | Sri Lanka Dull-blue Flycatcher | Eumyiassordidus |
ලංකා කඳුකර මැඩියා | இலங்கை தவளைவாயன் | Sri Lanka frog | Fejervaryagreeni |
පලා පඳුරු මැඩියා | இலங்கை கூடு புதர் தவளை | Leaf-nesting shrub frog | Philautusfemoralis |
කඳුකර ගස් ගෙම්බා | இலங்கையின் மணிக்கூண்டுத் தவளை | Montane Hourglass Tree Frog | Tarugaeques |
රතු කෝනංගියා | சிவப்புநீலன் | Red Pierot | Talicadanyseus |
වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභය භුමිය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව
சோமாவதிய தேசிய பூங்காதொடர்பான விளக்கத்தில் காணப்படும் தாவரங்களின் பெயர்ப் பட்டியல்
List of trees in theVictoria-Randenigala-Rantambe Sanctuary
Sinhala Name | Tamil Name | English Name | Scientific Name |
වීර | வீரை | Hedge boxwood | Drypetessepiaria |
පලු | பாலை | Ceylon iron wood | (Manilkarahexandra) |
මිල්ල | காட்டுநொச்சி | Peacock chaste tree | (Vitexaltissima) |
බුරුත | முதிரை | Ceylon satin wood | (Chloroxylonswietenia) |
වෙලන් | வெண்ணங்கு | Fishing rod tree | (Pterospermumsuberifolium) |
කිරිකෝන් | கருவாலி | Ceylon oak tree | (Schleicheraoleosa) |
කර | காரை அலம்ப மரம் | Coromandel Boxwood | (Canthiumcoromandelicum) |
වෙරළු | உலங்காரை | Ceylon Olive tree | (Elaeocarpusserratus) |
දං | சிறுநாவல் | South indian plum | (Syzygiumcaryophyllatum) |
කීන | புன்னை மரம் | Kina | (Calophyllum walker) |
නෙලූ | நாய்வேளை | Nelu | (Strobilanthesviscosa) |
පිහිඹිය | பன்னம் | Fern leaf tree | (Filiciumdecipiens) |
මහෝගනී | மஹோகனி | Mahogany | (Swietenia macrophylla) |
කොස් | பலா | Jack fruit | (Artocarpusheterophyllus) |
අරළු | கடுக்காய் | Aralu | (TerminaliaChebula) |
බුළු | தான்றி | Bulu | (Terminaliabellirica) |
නෙල්ලි | நெல்லி | Amla | (Phyllanthusemblica) |
සංස්කාරක– දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,
මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
දෙමළ පරිවර්තනය-ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
ඉංග්‍රීසි පරිවර්තනය- අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
වෙබ් අඩවි සැකසුම-සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්ශයාංශය.
ඡායාරූප- රෝහිත ගුණවර්ධන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |