简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

වලවේ ගඟ හරහා පාලමක් ඉදිකිරීමේ ස්ථානය නිරීක්ෂණය සහ පොල්ලමුරේ ප්‍රදේශයේ විදුලිවැට ඉදිකිරීම ආරම්භ කිරීම

Content Image
වලවේ ගඟ හරහා පාලමක් ඉදිකිරීමේ ස්ථානය නිරීක්ෂණය සහ පොල්ලමුරේ ප්‍රදේශයේ විදුලිවැට ඉදිකිරීම ආරම්භ කිරීම

 

හුරුළු, ගල්ඔය හා මින්නේරිය පාරිසරික වනෝද්‍යානයන්හි වන දිවි සැරිය සොයාබලා ආපසු එන ගමනේදී අප සතු වටිනා වන සම්පත දැකබලා ගැනීමට පැමිණි විදේශීය සංචාරක පිරිසක් වනජීවී හා වන සංරක්ෂණ  අමාත්‍යතුමියට සුභාශිංසන පිරිනැමීය. එහිදී මෙරට වන සම්පත නරඹන්න නැවත  එන්නැයිද, ලෝකයට මෙරට සුන්දරත්වය හෙළිදරව් කරන්නැයිද අමාත්‍යතුමිය ඔවුන්ගෙන් ඉල්ලීමක් කළාය.

 
 
උඩවලව ජාතික වනෝද්‍යානයට ඇතුල්වීම සඳහා බලංගොඩ හඳගිරිය ප්‍රදේශයෙහි ආරම්භ කිරීමට යෝජිත නව පිවිසුම් දොරටුව සහ අනෙකුත් ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට කටයුතු කරන ලෙස වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුනි. 
අමාත්‍යතුමිය මෙම උපදෙස් ලබාදුන්නේ මැයි 31දා බලංගොඩ වැලිගෙපොල -කල්තොට නිරීක්ෂණ චාරිකාවට එක්වූ අවස්ථාවේ හඳගිරිය උද්‍යානය තුළ යෝජිත ඉදිකිරීම් පිළිබඳ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් වන සාකච්ඡාව වනජීවී අඩවි ආරක්ෂක කාර්‍යාලය තුළදී පැවැත්වූ අවස්ථාවේදීය. 
එහිදී හඳගිරිය හා පොල්ලමුරේ යන ප්‍රදේශවල ජනතාවට ගැටලුවක්ව පවතින අලි ගම්වැදීම පාලනය කිරීම සඳහා වන කිලෝමීටර් 05කින් යුත් අලි වැට ඉදිකිරීමේ අවස්ථාවට අමාත්‍යතුමිය එක් වූ අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඇති හෙයින් කඩිනමින් එම ඉදිකිරීම් සිදුකරන බව අමාත්‍යතුමිය එහිදී පැමිණ සිටි පිරිස අමතා පැවසීය. 
එමෙන්ම හඳගිරිය වනෝද්‍යනය තුළ කිලෝමීටර් 30ක් වන මාර්‍ග පද්ධතිය සකස් කිරීමටත්, අභ්‍යන්තරයේ පවතින වැව් 04ක් ප්‍රතිසංස්කරණය කිරීමටත්, හඳගිරිය සහ උඩවලවේ ප්‍රදේශ යාකරමින් වලවේ ගඟ හරහා මීටර් 52ක් වන පාලම ඉදිකිරීමටත් සංචාරක බංගලා 02ක් හා නව කඳවුරු බිම් 05ක් ඇතිකිරීමට එහිදී අමාත්‍යතුමිය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡා සිදුවිය. 
එහිදී අමාත්‍යතුමිය පැවසුවේ උඩවලව වනෝද්‍යානය පැරණි පිවිසුම හා සඳගිරිය පිවිසුම අතර සබඳතාවය ඇතිකිරීම තුළින් දෙස් විදෙස් සංචාරකයන්ට එකම වනෝද්‍යානයක පවතින දේශගුණික හා පරිසර පද්ධතීන් දෙකක් දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන බවයි.එමගින් සංචාරක ආකර්ෂණය වැඩිකිරීමට හේතුවනු ඇත. 
මීට අමතරව යෝජිත ව්‍යාපෘති ඇතිවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ආර් ථික වශයෙන් දියුණු වීමට අවස්ථාවක් ඇතිවේ.  බලංගොඩ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථාවන් හිමිවන බවද අමාත්‍යතුමිය එහිදී වැඩිදුරටත් පැවසීය. 
ඉන් අනතුරුව බලංගොඩ, ඉඹුල්පේ හා වැලිගෙපොල ප්‍රදේශයේ අලිවැට ඉදිකිරීම සම්බන්ධයෙන් තන්ජන්තැන්න විහාරස්ථානයේදී සහ බෝවත්ත විහාරස්ථානයේදී සාකච්ඡා කෙරුනු අතර එම ප්‍රදේශයන්හි අලිවැට ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 19ක් වෙන්කර ඇති බවත් එය හැකි ඉක්මනින් සිදුකළ යුතු බවත් අමාත්‍යතුමිය නිලධාරීන්ට අවධාරණය කළාය. 
මෙම අවස්ථාව සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා මහත්මිය ,  පාර්ලිමේන්තු මන්ත්‍රී  අකිල එල්ලාවල මහතා, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද, සබරගමුව පළාත්  ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, රත්නපුර දිස්ත්‍රික්  ලේකම් වසන්ත ගුණරත්න, පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක හා ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යංශය ලේකම් බී. ඒ.සී.පි බමුණුආරච්චි, සබරගමු පළාත් පළාත් පාලන කොමසාරිස් එල් එම්. ජී. ඩබ්ලිව් බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු පළාත් පාලන,  ,වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි, කල්තොට ප්‍රාදේශීය ලේකම් පී ඩී එන් වීරසූරිය, බලංගොඩ හපුගල ලංකා විදුලිබල මණ්ඩලයේ විධායක ඉංජිනේරු, ග්‍රාම නිලධාරීන්, කෘෂි නිලධාරීන්,වනජීවී සංරක්ෂණ නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු ගම්වාසීහු විශාල පිරිසක් ද මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.