简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

හරිත ශ්‍රී ලංකා – සෑම අයෙක්ම එක් පැළයක්” ජාතික වැඩසටහන – 2022

Content Image

  
හරිත ශ්‍රී ලංකා සෑම අයෙක්ම එක් පැළයක් ජාතික වැඩසටහන – 2022

තිරසර සංවර්ධන අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගැනීම ප්‍රධාන කොට ගෙන ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සහ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් තිර කර ගැනීම සඳහා “සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් වර්ෂ 2025 දී ශ්‍රී ලංකාවේ වන ආවරණය 30%ක් දක්වා ඉහළ දැමීම පිණිස වන වගාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසු ප්‍රදේශයන් නිසියාකාර ව හඳුනා ගැනීමේ නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කර ඇත. ඒ අනුව එම ඉලක්ක ජය ගැනීම සඳහා 2022 වසරේ විශේෂ අයවැය යෝජනා යටතේ රු.මි 2000.00 ක ප්‍රතිපාදන ලබා දී ඇත. ඒ අනුව මුළු දිවයින ම ආවරණයවන පරිදි “හරිත ශ්‍රී ලංකා – සෑම අයෙක්ම එක් පැළයක්” යන තේමා පාඨය පෙරදැරි කර ගෙන ගරු වනජිවී හා වන සංරක්ෂණ අමාත්‍ය ආර්.එම්.සී.බී. රත්නායක මැතිතුමාගේ මඟපෙන්වීම අනුව පහත වැඩසටහන් යටතේ රුක් රෝපණ ව්‍යාපෘති ආරම්භ කර ඇත.

  • ශ්‍රී ලංකාවේ වන ගම්මාන 200ක් ස්ථාපනය
  • ශ්‍රී ලංකාවේ පාසල් සහ ජාතික අධ්‍යාපනික ආයතන තුළ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • දීප ව්‍යාප්ත ඔසු උද්‍යාන ස්ථාපනය කිරීම
  • ආගමික සිද්ධස්ථාන තුළ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • වැව් තාවුලු, වාරි රක්ෂිත  සහ ජල පෝෂක ප්‍රදේශ තුළ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • අධිවේගී මාර්ග, ප්‍රධාන මාර්ග, පළාත් මාර්ග සහ ග්‍රාමීය මාර්ග දෙපස රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනයන් සතුව පවත්නා ඉඩම්වල රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • වතු සමාගම් සතු ඉඩම්වල සහ පෞද්ගලික හිමිකාරිත්වය සහිත ඉඩම්වල රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • දීප ව්‍යාප්ත පැළ තවාන් ස්ථාපනය කිරීම

ඉහත ව්‍යාපෘතිවලට අමතරව, මොණරාගල දිස්ත්‍රික්කයේ කැබිලිත්ත රක්ෂිතයේ හෙක්ටයාර් 3000.00 ක අලුතින් වන වගා කිරීම,ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම සහ අනාගත දැව අවශ්‍යතා සඳහා වාණිජ වන වගා ස්ථාපනය කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත .

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සියලු දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව දැනට මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.