මගේ නම ඩබ්ලිව්.එම්.කේ.එන්. චන්ද්‍රරත්න. දැනට පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා. මම කතා කරන සිද්ධිය 2006, රිටිගල දැඩිසොබාව රක්ෂිතයේ සිදුවුන දෙයක්. රිටිගල දැඩිසොබාව රක්ෂිතය පිහිටලා තියෙන්නේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ කලාපය තුල.රිටිගල දැඩිසොබාව රක්ෂිතය සුවිශේෂී පරිසර පද්ධතියක් විදිහට සලකන්නේ. පරිසර පද්ධති කීපයක එකතුවක්. පහලම ප්‍රදේශයේ තියෙන්නේ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරය. මැද ප්‍රදේශයේ තෙත් වනාන්තර පද්ධතිය. ඉහළම මීදුම් ගහණ ප්‍රදේශයක්. කඳුකර වනාන්තර පද්ධතියට සමානයි. හෝර්ටන් තැන්නේ හම්බවෙන “මහල්ලාගේරැවුල”කියන ලයිකන විශේෂයත්, කුරුශාකත් මෙම ප්‍රදේශයේ දකින්න ලැබෙනවා.
2006 වසරේදී අපි නිළධාරී කණ්ඩායමක් කන්ද උඩට නැග්ගා. අපිට යන්න ඕනෑවුණේ වේවැල්තැන්න කියන ප්‍රදේශයට. ඉංග්‍රීසි ආණ්ඩුකාලේ අනුරාධපුර හිටපු දිසාපතිවරයාගේ නිලනිවස වේවැල්තැන්නේ තිබුණුබව අපි දැනහිටියා. පිටත් වෙන කොට වේලාව උදේ දහයහමාර විතර වුණා.
අපි පරිසර පද්ධති පහුකරගෙන ගිහින් කොඩිගලකන්දට නැග්ගා. කොඩිගලකන්ද කළුගලක්. එතන මුදුනේ තියෙනවා ත්‍රීකෝණමිතික ලක්ෂයක්. මිනින්දෝරු දෙපාර්තමේන්තුව එතන සලකුණු කරලා කොඩියක් ගහල තිබිලා තියෙනවා. අපේ කණ්ඩායමට මමයි, සුනිල් කියන අඩවිසහකාරවරයායි, අටලුගම, වාසල ,තෙන්නකෝන් කියන නියාමකවරු තිදෙනායි හිටියා.
කොස්ගලකන්ද උඩට නැග්ගම අනුරාධපුරේ රුවන්වැලිසෑය චෛත්‍යයේ කොත පේනවා. විරුද්ධ පැත්තට සීගිරිය. තව පැත්තක හුරුළුවැව. අනිත් පැත්තේ කලාවැව. හරිම ලස්සන තැනක්. හවස් වෙන කොට අව්ව අඩුවෙලා ගිහින් මීදුම එනවා. සීතල සුළං වදිනවා.
අපි මෙහෙම ගමන් යන කොට දවල්ට කෑම, වතුර අරගෙන යනවා. මෙතන නම් හැමතැනම වතුරතිබුණා. දියකඳුරු වගේ.මල්වතුඔය පටන් ගන්නෙ මේ රිටිගලින්. අපි කොස්ගලකන්දෙන් බැහැලා වේවැල්තැන්න හොයාගෙන ගියා.වේවැල්තැන්න හමුවුණේ නෑ. දැන් වේලාව හවස පහමාරට විතරවුණා .කළුවර වැටීගෙන එනවා. සීතලයි. අපි ඉක්මනින් පහළට බහින්න වුණා.
හැමතැනම කොළරොඩු වැටිල, යටවතුර. එකතැනක සෑහෙන ලොකුබෑවුමක් තිබුණා. කොළරොඩු ගොඩක් උඩින් කකුල තිබ්බ විතරයි. කකුල ලිස්සුවා. මාව ලිස්සගන පහළට යද්දි තෙන්නකෝන් ආවා මගේ උදව්වට. එයත් ලිස්සුවා.ඉස්සරහ ලොකු වැලක් තිබුණා. මම ඒකෙ එල්ලුනා. තෙන්නකෝනුත් ඒකෙ එල්ලුනා. ඒත් නැවතුනේ නෑ. දිගටම ලිස්සාගන ගියා. අපි වැලේ එල්ලීගෙනෙම ඉදිරියට ඇදුනා. අන්තිමට යන්තම් පොළවට නොවැටී බේරෙන්න පුළුවන් වුනා.
ඒ වෙලාවේ අතඇරුණානම් අඩුම තරමේ අතක් කකුලක්වත් කැඩෙනවා. වාසනාවට අත ඇරුණේනෑ. ගල් මුල්වල හැප්පෙමින් රූටලා පහලට ආවා. අපි එදා රෑවෙද්දි ආපහු ආවා.
පස්සේ දවසක අපේ කට්ටිය ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක පරිසර පද්ධති සිතියම්ගත කරන වෙලාවේ වේවැල්තැන්න බංගලාව තිබුණු ස්ථානය හමුවුණා. එතැන තිබුණේ තිරුවාණාගල් අත්තිවාරම විතරයි. බංගලාවේ ඉඳලා ගනේවැල්ල ටවුම පැත්තට බහින්න පුළුවන්. පාර තියෙන්න ඇත්තේ එතැනින්.
1998.11.09 වැනි දින 1 වන ශ්‍රේණියේ අඩවි ආරක්ෂක නිලධාරියකු ලෙස දීප ව්‍යාප්ත තරඟයක ප්‍රතිඵල මත වනජීවි දෙපාර්තමේන්තුවට තේරී පත්වුන චන්ද්‍රරත්න මහතාගේ පළමු සේවය විල්පත්තු ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස ඇරඹිනි.
2003 ජනවාරි මාසයේ කවුඩුල්ල ජාතික උද්‍යානයේ පළමුවන උද්‍යාන භාරකරු ලෙසද සේවය කරන අතරතුර 2003 වසරේ අගෝස්තු මස ඉන්දියානු පශ්චාත් උපාධි පාඨමාලාව හැදැරීම සඳහා විදේශගත වන්න සිදුවිනි. නැවත 2004 වසරේ ජූනි මස ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ප්‍රධාන කාර්යාලයේ අලි සංරක්ෂණ අංශයේ පළමු ශ්‍රේණියේ අඩවි ආරක්ෂකවරයෙකු ලෙස මාස 3 ක් සේවය කලේය.
2009 ජනවාරි 1 වෙනිදා සිට ගිරිතලේ පුහුණු කේන්ද්‍රයේ සේවය කළ චන්ද්‍රරත්න මහතා 2015.11.09 වැනි දින කලාප සහකාර අධ්‍යක්ෂවරයා ලෙස පුත්තලම කලාප කාර්යාලයට උසස්වීමක් ලද්දේය. මෙය 2012.01.01 දින සිට කලාප සහකාර අධ්‍යක්ෂවරයාගේ රාජකාරි ආවරණය කිරීම ස්ථිර කරමින් ලද උසස්වීමකි. 2020 ජනවාරි මස සිට ඔහු පොළොන්නරුව කලාප සහකාර අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරනු ලබයි.
චන්ද්‍රරත්න මහතා තම කණිෂ්ඨ අධ්‍යාපනය කුලියාපිටිය අස්වැද්දුම ප්‍රාථමික විද්‍යාලයෙන් ද ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ද ලබා ගත්තේය. කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙක් වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වන විද්‍යා හා පරිසර කළමණාකරනය පිළිබඳ පශ්චාත් උපාධි ලබාගෙන ඇත. දෙපාර්තමේන්තුව විසින් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා දීමට කටයුතු කරන ඩිප්ලෝමාව ඇතුළුඩිප්ලෝමාසහතික පත්‍ර පාඨමාලා කිහිපයක් ද ඔහු විසින් හදාරා ඇත.
චන්ද්‍රරත්න මහතාගේ බිරිඳ කුලියාපිටිය රෝමානු කතෝලික විදුහලේ ගුරුවරියකි. පුතණුවන් දෙදෙනා තවම පාසල් වයසේ. ඔහුගේ ලිපිනය රත්නපාය, ජයසිරි පෙදෙස, උඩුබද්දාව වේ.
මහා වැව්දාගැබ් සිය ගණනක් ඉදිවූ රජ රට, වන වදුලින් ආවරණය වු රක්ෂිත වනාන්තර අතරින් රිටිගල වන පියසට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි.උතුරු මැද තැනිතලාවේ අනුරාධපුරය සහ පොලොන්නරුව යන පැරණි නගර දෙක අතර පිහිටා ඇති රිටිගල කන්ද, පලුගස් වැව ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටත් මායිම් වේ.රිටිගල ස්වභාව රක්ෂිතය ශ්‍රී ලංකාවේ දැඩි ස්වභාවික රක්ෂිත තුනෙන් එකක් වන අතර මෙම ප්‍රදේශය ප්‍රධාන වශයෙන් දැඩි රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන්නේ පර්යේෂණ අරමුණු සඳහා,සංරක්ෂණය සඳහා සහ ආරක්ෂා කිරීම සඳහාය. එවැනි ප්‍රදේශ වල මූලික අරමුණ වන්නේ විද්‍යාත්මක කටයුතු සහ පාරිසරික නිරීක්ෂණ සදහා අත්‍යවශ්‍ය විමර්ශන ප්‍රදේශ ලෙස ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමයි.
රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය
1941 නොවැම්බර් 7 වන දින වර්ග කි.මී.5.29ක භූමි ප්‍රමාණයක් (හෙක්ටයාර් 1528) දැඩි රක්ෂිතයක් ලෙස වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ රිටිගලභූමිය ප්‍රකාශයට පත් කර ඇත.දැඩි රක්ෂිතයක් සංචාරක පහසුකම් හෝ කිසිඳු මිනිස් ක්‍රියාකාරකමකට අවසර නොලැබෙන වනජීවීන්ගේ හා ස්වභාවික පරිසර පද්ධතිවල පැවැත්ම සඳහා පමණක්ම සම්පූර්ණයෙන්ම වෙන්වු ජාතික රක්ෂිතයකි.වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ අවසරය මත විද්‍යාත්මක පර්යේෂණපමණක් දැඩි ස්වභාවික රක්ෂිතයක් තුළ සිදු කිරීමට හැකියාව ඇත.
ශ්‍රී ලංකාවේ උතුරු මැද වියළි කලාපයේ පිහිටි මෙම සුවිශේෂී ස්ථානය, දිවයිනේ මානව ඉතිහාසය සමඟ බොහෝ කලක සිට සම්බන්ධ වී ඇති බැවින්,එහි බොහෝ ඉතිහාසවෘතාන්තද වේ. දැනට අවුරුදු 2434 ක් පමණ දක්වා පැහැදිලි අතීතයක් කරා දිවෙන රිටිගල මෙරට ඉතිහාසයේ මුල්ම රාජධානිය වන අනුරාධපුරයටත් පෙර පණ්ඩුකාභය කුමරුගේ සටන් මධ්‍යස්ථානයක්ව පැවැතුණි. ඔහු සිය මාමාවරුන් සමග කළ සටනට මධ්‍යස්ථානය කර ගත්තේ මෙම භුමිය වේ . ඈත අතීතයේ පණ්ඩුකාභය,සූරතිස්ස,ලජ්ජාතිස්ස ආදී රජවරුන් යුධමය කටයුතු සඳහාද රුකවරණය සඳහාද රිටිගල යොදාගත් බව ප්‍රසිද්ධය. නූතන යුගයේ රිටිගල වැදගත්කම වඩාත් ඉස්මතු වුයේ එහි ඇති බ්‍රාහ්මි ශිලා ලිපි හේතු කොට ගෙනය. මිහින්තලේ ,වෙස්සගිරිය යන ස්ථාන වල දක්නට ලැබෙන ලෙන් ලිපි වලට නොදෙවෙනි වැදගත්කමක් රිටිගල සෙල්ලිපි වලටද හිමිවේ. මෙරට සෙල්ලිපි අධ්‍යයනයේදි ප්‍රමුඛයකු වු සෙනරත් පරණවිතාන වැනි විද්වතුන්ගේ අවධානය රිටිගල කෙරෙහි යොමු වීමත් සමඟ මෙම ස්ථානයේ වටිනාකම තවත් වැඩි වන්නට විය.රිටිගල හමුවු ශිලා ලේඛන 152ක්,ගල් ලෙන් 74ක් සහ පුරාවිද්‍යා ගොඩනැගිලි 140කින් පොහොසත් වු මෙම සංස්කෘතික උරුමයන් තුළ පැරණි ආයුර්වේද රෝහලක නටබුන්ද,සක්මන් මලු,ශීත කුටීර ආදි නෂ්ඨාවශේෂ අදටත් ඉතිරිව පවති.
රිටිගල ඉපැරණි සංස්කෘතික උරුමයන්
මෙම කඳුවැටිය වනාන්තර වර්ග තුනකින් සමන්විත වේ . කඳු පන්තියේ පහළ කොටස වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වර්ගයකි, පරාසයේ මැද කොටස නිවර්තන කදුකර වනාන්තර වර්ගය සහ ඉහළ කඳුකර වනාන්තර වර්ගයට අයත් උසම භූමි ප්‍රදේශය වේ. වසර මිලියන 2000ක කාලයක් තිස්සේ දේශගුණික විපර්යාසයන්ට භාජනය වීමෙන් රිටිගල කන්ද නිර්මාණය වී ඇත.අවට පිහිටි භූමිය ඛාදනය වී තැනිතලාවක් බවට පත්වුණද රිටිගල එසේ නොවුයේ එය ඛාදන ක්‍රියාවලියට ඔරොත්තු දෙන දැඩි පාෂාණ වන ක්වාර්ට්සයිට්, සහ කිරිගරුඬ පාෂාණ වලින් නිර්මාණය වී තිබු හෙයිනි.
දේශගුණිකව මේ කන්ද වියළි කලාපයේ පහත් තැනිතලාවේ පිහිටා ඇත. එසේවුවත් රිටිගල එයටම ආවේණිකවූ දේශගුණික විපර්යාසයන්ගෙන් සමන්විතය. අවට තැනිතලාවේ දැඩි උෂ්ණ දේශගුණයක් පැවැතියද රිටිගල කන්දේ දැඩි සිසිල් දේශගුණයක් පවති. රිටිගලට ඊසාන දිග හා නිරිත දිග මෝසම් සුළඟින් වර්ෂාපතනය ලැබේ.වාර්ෂික වර්ෂාපතනය මි.මී 1482ක පමණ වන අතර, ඔක්තෝම්බර් නොවැම්බර් සමයේ මේ ප්‍රදේශයට ඉතා තෙත් දේශගුණයක්ද ජූනි-සැප්තැම්බර් කාලයේ දැඩි වියළි දේශගුණයක්ද සාමාන්‍යයෙන් පවතී. සාමාන්‍ය උෂ්ණත්වය 28 0C කි.
ශ්‍රී ලංකාවේ මුළු වර්ග ප්‍රමාණයෙන් 0.0237%ක ප්‍රතිශතයක් තුළ ව්‍යාප්තවී ඇති මෙම භූමි ප්‍රමාණයේ ශාක විශේෂ 10% ක් වාර්තා වන අතර එය විශේෂතා අනුව 418ක් පමණ වන අතර මින් ශ්‍රී ලංකාවට ආවේණික වූ විශේෂ 54ක් පමණ වේ. මේ පුංචි කන්ද සතුව පවතින්නේලෝකයේ කිසිම රටක බිම් කඩක් සතුව නොපවතිනශාක ප්‍රභේද සහ සත්ත්ව විශේෂ සම්භවය කිරීමට හැකියාව ඇති පාරිසරික ගුණයකි. රාම-රාවණ යුද්ධයේදී තුවාල ලත් රාමට ප්‍රතිකාර කිරිම සඳහා හනුමාන් විසින් භාරත දේශයේ සිට ඔසවාගෙන එන ලද බෙහෙත් පර්වතයෙන් කොටසක් රිටිගල මතට කඩා වැටි ඇතැයි යන්නද ජන ප්‍රවාදයේ එන්නකි. එසේම පලු,වීර,අන්නාසි,දෙහි,දොඩම් වැනි නොයෙකුත් පළතුරු මෙන්මරිටිගල පුරා ඉරරාජ,සඳරාජ, බිම් කොහොඹ වැනි දුර්ලභ ගණයේ බෙහෙත් පැළැටිද ඇති බව පැවැසේ.
පක්ෂි විශේෂ 100ක් පමණ ජීවත් වන මෙම වනරොදේ ලංකාවට ආවේණික වළිකුකුලා,හබන් කුකුළා,මල් කොට්ටෝරුවා,අලු කෑදැත්තා,වත නිල් මල් කොහා, කළු හිසැති කොණ්ඩයා,ලංකා සැළලිහිණියා,පොරෝ කෑදැත්තා,තිප්පි තිරාසිකයාවැනි පක්ෂීන්දැකිය හැක.
එසේම ක්ෂීරපායි විශේෂ ලෙස අලියා, වලසා,කොටියා,වල්ඌරා, තිත් මුවා, වැලි මුවා,ගෝනා,ඉත්තෑවා, අළු වදුරා, රිලවා,හිවලා, උනහපුළුවා, හඳුන් දිවියා, කොළ දිවියාමෙන්ම තවත් බෝහෝ වන සතුන් මෙහි නිවහන කර ගෙන ජීවත් වේ.
තවද වර්ණවත් සමනල විශේෂ 50ක්,මත්ස්‍ය විශේෂ 20ක්, උරග විශේෂ 16 ක් සහ ගොළුබෙල්ලන් විශේෂ 16ක් පමණ වාර්තා වීද ඇත.
රිටිගල යනු ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ අනුරාධපුරයට ආසන්න කඳුවැටියකි. එය අනුරාධපුරයේ සිට කිලෝමීටර් 42ක් පමණ දුරින් පිහිටා ඇති අතර මරදන්කඩවල පසුකර අනුරාධපුර-හබරණ අධිවේගී මාර්ගය ඔස්සේ ගනේවල්පොලින් හැරී ළඟා විය හැකිය.දඹුල්ලේ සිට රිටිගලට කි.මී.28ක් හා අනුරාධපුර සිට කි.මී. 37ක් දුර වේ. ගනේවල්පොල අසලින් ඇතුලට හැරුන විට පුරාවිද්‍යා ස්ථාන පිවිසුමට ඇති දුර කිලෝමීටර් 9ක් පමණ වේ. රිටිගල දැඩි රක්ෂිතයට පිවිසෙන පහසුම මාර්ගය වැටි ඇත්තේ බන්දාපොකුණ අසලිනි.
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය සහ දකුණු ඉන්දියාවේ කඳුකරය අතර පිහිටි උසම කන්ද වශයෙන් වැදගත් වන රිටිගල කන්ද දැඩි නීති රීති යටතේ සංරක්ෂණයට සහ කළමණාකරණයට පත් වෙමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රැකවරණය යටතේ පවතී.
සමනල අඩවියෙන් හමුවන මත්ස්‍ය විශේෂ අතරආවේණික වූ ලේ තිත්තයා, බුලත්හපයාආදි තර්ජනයට ලක්‌වූ විශේෂද සුලබව දැකිය හැකි මෙවන් මහගු පාරිසරික සම්පත් සුරකීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ සංරක්ෂණ ක්‍රියාදාමයන් සිදුකරනු ලබයි.
අතීතයේදී අසල වනයෙන්ම ලබාගත් දර මගින් කෑම කඩවල ඉවුම් පිහුම් කටයුතු සිදු වූ අතර අද වනවිට වනජීවි සංරක්ෂණ අංශවල මැදිහත් වීම මත දර භාවිතය සෑහෙන දුරට අඩු වී තිබේ. ශීත ගඟුලෙන් උඩ කොටසේ කඩවල ඉවුම් පිහුම් සඳහා යොදාගන්නේ ගෑස් පමණි. එය අදාළ අංශවලින් ක්‍රියාත්මක කරන ලද සාර්ථක වැඩපිළිවෙලක ප්‍රතිඵලයකි.තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්සමනළ ස්වභාවික රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු වීමඑහි ශාක සහ සත්ව ප්‍රජාවට හානි කිරිම , පරිසර පද්ධතිය දුෂණය කිරිම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව නීති විරෝධි ක්‍රියාවක්ය.
වතු වගාවත් සමඟ හෙළි පෙහෙළි වී ගිය කඳුකරයේ බොහෝ බිම් අතර නොඉඳුල්ව ආරක්ෂා වන්නට සිරිපා වන ගොමුවට හැකියාව ලැබිණි.අතීතය කෙතරම් සුන්දර වුවද සිරිපා අඩවියේ අනාගතය අවිනිශ්චිතය. ලෝක සංරක්ෂණ සංගමය (IUCN) කළ සමීක්ෂණවලට අනුව ශ‍්‍රීපාද අඩිවියේ සිදුවන පරිසර දූෂණය නිසා ඉතා දුර්ලභ ශාක සහ සත්ව විශේෂ ගණනාවක්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිති. ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 14 ක්ද ඒ අතර සිටින බව (IUCN) වාර්තාවල දැක්වේ.
එබැවින් සුවිශේෂි ජෛව විවිධත්වයකින් සමන්විත මෙවැනි පරිසර පද්ධතිය සංරක්ෂණය කිරිමේ කාර්යය මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිද්ධ කරමින් සිටින අතර මෙවන් වු පරිසර පද්ධතින් අනාගත පරම්පරාව සදහා දයාද කිරිමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇපකැප වී සිටි.
උපුටා ගැනීම්-
වනජීවී සඟරාව 2011
වාරණ සඟරාව
දියදම සඟරාව 2000
Wikipedia
Sinhala Name | Tamil Name | English Name | Scientific name |
අලියා | ஆசிய யானை | Asian elephant | Elephas maximus |
කොටියා | புலி | Leopard | Panthera pardus kotiya |
වලහා | தேன் கரடி | Sloth bear | Ursus ursinus |
වල් ඌරා | காட்டுப் பன்றி | Wild Boar | Sus scrofa |
තිත් මුවා | புள்ளி மான் | Spotted deer | Axis axis ceylonensis |
වැලි මුවා | கேளையாடு | Barking Deer | Muntiacus muntijak |
ගෝනා | மரை | Sambar | Rusa unicolor |
ඉත්තෑවා | முள்ளம்பன்றி | Porcupine | Hystrix indica |
අළු වදුරා | சாம்பல் முகக் குரங்கு | Common langur | Semnopithecus entellus |
රිලවා | செங்குரங்கு | Toque Macaque | Macaca sinica |
හිවලා | நரி | Golden jackal | Canis aureus |
උනහපුළුවා | தேவாங்கு | Gray Slender Loris | Loris lydekkerrianus |
හඳුන් දිවියා | மீன்பிடிப் பூனை | Fishing Cat | Prionailurus viverrinus |
කොළ දිවියා | துரும்பன் பூனை | Rusty- spotted cat | Prionailurus rubiginosus |
වලි කුකුළා | இலங்கைக் காட்டுக் கோழி | Sri lanka junglefowl | Gallus lafayettii |
හබන් කුකුළා | சின்னக் காட்டுக்கோழி | sri lanka Spurfowl | Galloperdix bicalcarata |
මල් කොට්ටෝරුවා | சின்ன குக்குறுவான் | Crimson-Fronted Barbet | Psilopogon rubricapillus |
අළු කෑදැත්තා | இலங்கை சாம்பல் இருவாய்ச்சி | Sri lanka Grey Hornbill | Ocyceros gingalensis
|
වත නිල් මල් කොහා | நீல முகச் செண்பகம் | Blue – faced malkoha | Phaenicophaeus viridirostris |
ලංකා සැළලිහිණියා | இலங்கை மைனா | Sri Lanka Myna | Gracula ptilogenys
|
පොරෝ කෑදැත්තා | மலபார் கறுப்பு வெள்ளை இருவாய்ச்சி | Malabar pied horn bill | Anthracoceros coronatus |
තිප්පි තිරාසිකයා | புள்ளிச் சிறகுகள் கொண்ட த்ரஷ் | Sri Lanka Spot-Winged Thrush | Geokichla spiloptera |
Sinhala Names | Tamil Names | English Names | Botanical Name |
පලු | பாலை | Palu | Manilkara hexandra |
වීර | வீரை | Hedge Box wood | Drypetes sepiaria |
ඉරුරාජ | இருராஜ | Iru raja | Zeuxine regia |
සඳරාජ | சந்த ராஜ | Sanda raja | Fittonia verschaffeltii |
බිම්කොහොඹ | நிலவேம்பு | Bimkohomba | Munronia pinnata |
අන්නාසි | அன்னாசி | pineapple | Ananas comosus |
දෙහි | எலுமிச்சை | Lime | Citrus species |
දොඩම් – හීන් නාරං – ඇඹුල් දොඩම් | தோடை – சிறு தோடை -புளி தோடை | Orange -Heennaran – Ambuldodan |
Citrus crenatifolia Citrus guramtium |
සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්)- අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
ඉංග්‍රීසි පරිවර්තනය (කථාව)- දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
වෙබ් අඩවි සැකසුම- සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
ඡායාරූප- රෝහිත ගුණවර්ධන,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |