简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 36 – සෝමාවතිය ජාතික උද්‍යානය

Content Image

ඓ‌‌තිහාසික සෝමාවතිය පුදබිම් මැදිකරමින්පිහිටි සෝමාවතිය ජාතික උද්‍යානය, කවුඩුල්ල ජාතික උද්‍යානය, ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය සහ ත්‍රිකෝණමඩු ජාතික උද්‍යාන වලට මැදිව ඒවාටමායිම්වපිහිටයි. ත්‍රීකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන් තුල පිහිටි හෙක්ටයාර 37645 ක වපසරියකින් යුතු සෝමාවතිය ජාතික උද්‍යානය 1986 වර්ෂයේ සැප්තැම්බර් මස 02 දින අභය භූමි තත්වයේසිට ජාතික උද්‍යනයක් ලෙස උසස් කරණු ලැබීය.

 

දඹුල්ල දෙස සිට හබරන හන්දිය හරහා පැමිණීමේදී කන්තලේ මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් මෙන්ම හබරන හන්දියේ සිට පොළොන්නරු දෙසට ගමන් කිරීමේදී ද මින්නේරිය නගරයෙන් හැරී හිගුරක්ගොඩ ඔස්සේ ද සෝමාවතිය ජාතික උද්‍යානයට පිවිසීමට හැකියාව ඇත.

 

සෝමාවතිය ජාතික උද්‍යානය සදහා වෙනම උද්‍යාන මුලස්ථානයක් පිහිටුවා නොමැති බැවින් කන්තලේ සහ සුංගාවිල පිහිටි අඩවි ආරක්ෂක කාර්යාල මගින් සංරක්ෂණ කටයුතු සිදුකරනු ලබන අතර කව්ඩුල්ල ජාතික උද්‍යානයට යාබදව පිහිටි ප්‍රදේශය කව්ඩුල්ල ජාතික උද්‍යානය මගින් අධීක්ෂණය කරනු ලැබේ. කව්ඩුල්ල ජාතික උද්‍යාන මූලස්ථානයේ නිළධාරීන්ගේ මෙන්ම මැදිරිගිරිය බීට්ටු කාර්යාලයේ නිළධාරීන්ගේ නිරන්තර අවධානය සෝමාවතිය ජාතික උද්‍යානය දෙසට යොමුව තිබුණේ  අනන්‍ය වු සුවිශේෂ පාරිසරික වැදගත්කම්වලින් යුතු වීම හේතුවෙන් සහ අනවසර ක්‍රියා මැඩලීම් සදහා වැඩි අවධානයක් යොමුකිරීමට සිදුව තිබු නිසාවෙන්ය. ‌‌

 

එබැවින් සුළු හෝ නිදහසක් ලද විගසම සෝමාවතිය ජාතික උද්‍යානය වෙත යාමට මා මෙන්ම මාගේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් සිටියේ දැඩි කැමැත්තෙනි. ඒ අතුරින් අඩවි ආරක්ෂක, චතුර ගුණරත්න සහ අඩවි සහකාර, සමින්ද, ඉන්දිකඇතුලු නිලධාරීන්මෙන්මසිවිල්ආරක්ෂක බලකායේඅසිත, නිමල් සහසංජීව දමේ සම්බන්ධ වැඩි ඇල්මකින් කටයුතු කළහ. මේ වනවිට ජීවතුන් අතර නොසිටියද ක්ෂේත්‍ර සහායක කැකුලන්දර සෝමාවතියේ සංරක්ෂණයට කල මෙහෙය අගය කල යුතුමය.

 

සෝමාවතිය ජාතික උද්‍යානයේ සුවිශේෂී ස්ථාන අතුරින් බෙරුවිල ප්‍රදේශයේ සහ ඒ අවට පිහිටි විල්ලු පද්ධතිය අප සියලු දෙනාගේ වඩාත් සිත්ගත් ස්ථානයක් විය. කව්ඩුල්ල උද්‍යාන මූලස්ථානයේ සිට උද්‍යානය හරහා මැදිරිගිරිය වෙත ගොස් එතැන් සිට සෝමාවතිය දෙසට යත්ම අලි ඔළුව හන්දිය හමුවේ. එයට එම නම තබා ඇත්තේ මැරුණ වන අලියෙකුගේ හිස් කබලක් එම හන්දියේ මැදට වන්නට තබා තිබුන නිසා විය හැකිය. තවත් ඉදිරියට යන විට හමුවන ඉතාම දුෂ්කර පටු මාර්ගයේ වාහනයකට ගමන්කල නොහැකි බැවින් අප සියලු දෙනාම වාහනය නවතාඑතැන්සිට පයින් ගමන් කරන්නට පුරුදුව සිටියෙමු. මහවැලි ගඟ පෙරටු කරගත් දිය පහරවල් වනසතුන් මෙන්ම වනරොද වලින් පිරුණසෝමාවතිය ජාතික උද්‍යානයමා ඇවිද ඇතිවනාන්තර අතුරින්ඒවඩාත්සිත්ගත් ස්ථානයකි.

 

මීට වසර 12 ට පමන පෙර මා කව්ඩුල්ල ජාතික උද්‍යානයේසේවයට පැමිණනොබෝ දිනකින්මසැලසුම් කරගත් පරිදි සෝමාවතිය ජාතික උද්‍යානයේ ප්‍රථමමුර සංචාරයක්සැලසුම් කරනු ලැබුවේනීති විරෝධී කටයුතුසොයා බැලීමටත් වඩාසෝමාවතිය ජාතික උද්‍යානයේඇවිදීමට ඇති ආසාව නිසාවෙනි.

 

එදින දිවා ආහාරයෙන්පසුව කලින්සැලසුම් කරගත් පරිදිඅප කණ්ඩායමකව්ඩුල්ල උද්‍යාන මූලස්ථානයේ සිටමැදිරිගිරිය හරහා PA-2058 කැබ් රථයෙන්අවශ්‍ය බඩු භාහිරාදියද රැගෙනසෝමාවතිය බලා පිටත් වුයෙමු. සෝමාවතියට ඇතුලු ව පා ගමනින් ඇවිද වෙහෙසට පත්ව සිටි අප හට හමු වූබෙරුවිල ප්‍රදේශයේ පිහිටි ගරාවැටුණු විශාල දෙමහල් බංගලාව කුඩා කල අප සිතෙහි මැවී තිබුණ හොල්මං මංදිරයකට ජිවමාන උදාහරණයක් සේ පෙනෙණි.

 

සැලසුම් කරගත් පරිදි කරුවල වැටීමට පෙර රාත්‍රිය ගතකිරීමට ස්ථානයක් සොයමින් සිටි අපට එය මහත් අස්වැසිල්ලක් විනි.අපඑය තුලට එබිකම් කරනවාත් සමඟ එහි තුල සිටි වයසින් මුහුකුරා ගිය කොණ්ඩය සහ රැවුල වවාගත් හැඩිදැඩි පුද්ගලයකු වාඩි වී සිටි තැනින් නැගිට අප සිටි දෙසටපියවරක් ඉදිරියට පැමිණියේ තරමක බයාදු ගතියකිනි. ඔහුට අප හදුනා ගැනීමට ගතවූයේ නිමේෂයක් පමණි. මන්ද වනජීවී නිලධාරීන් ඔහුගේ ජීවිතයේ නිතර මුණ ගැසෙන හුරු පුරුදු පිරිසක් වු නිසා විය හැකිය.

“මේ පැත්තේ අලි ඉන්නවද” අප කථාව ආරම්භ කලෙමු.

“ඔව් මහත්තයා. අද මෙතන නවතින්න මෙතනින් එහාට යන්න බෑ අලි ඉන්නවා”

ඔහු පිළිතුරු දුනි. පිරී ඉතිරී ගිය දිය සෙවල බැදුන ගරා වැටුන ගොඩනැගිල්ලේ පහත මාලයේ එලිමහන දෙසට වන්නට පිහිටි කාමරයේ කැඩී ගිය සිමෙන්ති බදාමය උඩ අප සියළු දෙනා වාඩී වූයෙමු. ගිමන් හරින අතරතුරදී රාත්‍රී කෑමට රැගෙන ගිය පාන් වලින් කොටසක් ඔහුට දී ඉතිරි කොටස අප අතර බෙදා ගැනීමට සැරසුනෙමු.රෑ කෑම පිසීමට ක්‍රමයක් නොවුනි. නමුත් මාළු හොද්දක සුවඳ පැතිරිණි. අප අමුත්තා විසින් පැත්තක පැසෙමින් තිබු වැව් මාළු හට්ටියෙන් ටිකක් ගෙන අපට සංග්‍රහ කලේය.උණු මාළු හොදි සමඟ පාන් කෑල්ලක රස බැලීමට අපට අවස්ථාව ලැබුනි. අප පුදුමයට පත් වුයේ එවැනි සංග්‍රහ මේ වන මැද කිසි සේත්ම බලාපොරොත්තු නොවු නිසාය.

“මේක තමයි ඉතින් ඩී.එස්.සේනානායක මහත්තයා ඒ කාලේ මෙහෙ ආවාම නැවතිලා තිබූ තැන”

ඔහු නැවත කථාව ආරම්භ කලේය.එම කථාව දිගටම කියාගෙන යෑමට අපි බාධා නොකලේ හතර දෙසින් කළුවර වසාගත් අතර වනසතුන්ගේ ශබ්ද සහ ඔහුගේ කටහඩ හැරුනු කොට වෙනත් කිසිදු ශබ්ධයක් නොඇසුනි.

 

“මහත්තයෝ මාගේ නම වික්ටර්… මම ඉස්සර කාලේ සත්තු මැරුවා. දඩයම් කලා ඒ කාලේ මගේ රස්සාව දඩයම. ඒ වුනාට දැන් ඒ පව් වැඩ කරන්නෙ නැ. මම දවසක් සතෙක් මරලා ඉන්න වෙලාවේ වනජිවී එකට අහුවුනා. ඒ මහත්තයා දෙවියෙක්. පොඩි මහත්තයා මටගහන්න හදනකොටමලොකු මහත්තයා ගහන්න දුන්නේ නෑ. මට ගොඩක් දේවල් කිව්වා.එදා මෙදා තුර මම සත්තු මරන්නේ නැ. ඒ වගේම රළපනාව වැවේ කොටු අතු දාලා සත්තු මැරුවා. ඒ උනාට ඒවා ගැන දැන් හිතන්නෙ වත්නැ”

ඔහු කියාගෙන ගියේය.“දැන් කරන්නේ මාළු අල්ලන එක විතරයි. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ” ඔහුගේ රස බර කතා වලට ඇදී ගිය සිත් ඇතිව අප සියලු දෙනා එදිනරාත්‍රියඒ පාළු බංගලාවේ ගතකලෙමු. පසුදින පාලු බංගලාව අසල තිබු දිය වලකින් මුහුණ සෝදාගත් අප අපගේ සෞන්දර්ය්‍ය චාරිකාව හා බැදුනු මුර සංචාරය ආරම්භ කරන්නට සුදානම් වෙද්දී වික්ටර් අප හට සමුදී ඔහුගේ ධීවර රැකියාව සදහා පිටත්ව ගියේ තරමක කණගාටුදායක හැගීමක් අප සියලු දෙනා තුල ජනිත කරමිනි.

 

සතියකට පමණ පසු එක් රාත්‍රියක නොදන්න දුරකථන අංකයකින් ඇමතුමක් ලද මා ඉන් විමතියට පත්වූයේ ඒ හඩ වික්ටර්ගේ වූ නිසාය. පසුවවික්ටර් නිතර නිතරමා හට ඇමතුම් ලබාදුන් අතර ඉන් වැඩි ප්‍රමාණයක් ලබාගත්තේ ඔහු බීමත්ව සිටින රාත්‍රී අවස්ථාවල බව දැනගැනීමට අපහසු නොවීය. ඒ අතරතුර දී ඔහුගේ අසනීප අගහිඟකම් මෙන්ම රසබර අත්දැකීම් ද මා සමග බෙදා ගැනීමට අමතක කලේ නැත.මාස කිහිපයකට පසුව දුරකථන ඇමතුමක් ලබාදී කියා සිටියේ එදා බෙරුවිල දී කතාකරපු දේ හිතට වැදුන බවත් මාළු රැකියාවෙන්ද ඉවත්වී ගොවිතැනට යොමුවු බවත්ය.

 

මා ඔහුට දුරකථන ඇමතුම් ලබා නොදුන්නද දිගින් දිගටම වසර ගණනාවක්මදුරකථනයෙන් කතා කිරීමට ඔහු පුරුදුව සිටියේය. ඒ ඔහුගේ වෙනස හේතුවෙන් වඩාත්ම සතුටට පත්ව ඇත්තේ මා බව ඔහු තේරුම්ගත් නිසාවෙන්විය හැකිය. කාලය ගතව යද්දි වසර හතරක පමණ සිට ඔහුගෙන් දුරකථන ඇමතුම් නොලැබෙන්නේ ඇයි දැයි මම තවම නොදනිමි.

 

කෙසේ වුවත් මාගේ මුල්ම පත්වීමත් සමඟ ආගන්තුකයෙකු ලෙස හමුවුන වික්ටර් වනජීවී නිලධාරීන් නිසාවෙන්ම සම්පුර්ණයෙන්ම සතුන් මැරීම අත්හැරීම මගේ හිතට තදින්ම කා වැදිනි. ඔහු පිළිබඳ මතකය මගේ හිතේ සනිටුහන් වුයේ එලෙසිනි.

 

 

 

එරන්ද ගමගේ මහතා

එරන්ද ගමගේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේතොරතුරු තාක්ෂණ අංශයෙන්පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද එම අංශයෙන්ම ශාස්ත්‍රපති උපාධියද හදාරා ඇත.එලෙසම ඉන්දියාවේදී වනජීවී කළමණාකරණය පිළිබඳවපශ්චාත් ඩිප්ලෝමාවක් දහදාරා ඇත.

2004 වර්ෂයේදී සැලසුම් සහ තොරතුරු තාක්ෂණ අංශය, 2012 වර්ෂයේ දී ගිරිතලේ වනජීවී පුහුණු මධ්‍යස්ථානය, 2013 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා ස්වාභාවික කළමණාකරණ අංශය යන අංශ මෙන්ම කවුඩුල්ල ජාතික උද්‍යානය හා පුත්තලම වනජීවී කලාප කාර්යාලය යන ස්ථානවලදසේවය කරමින් මේ වන විට එරන්ද ගමගේ මහතා වසර 20කට වැඩි සේවා කාලයක් වනජීවී දෙපාර්තමේන්තුව තුල තම රාජකාරී කටයුතු සිදු කරමින් සිටී.

 

එරන්ද ගමගේ මහතාගේ දුරකථන අංකය 0714465420 වේ.

සෝමාවතිය ජාතික උද්‍යානය

ශ්‍රී ලංකාවේ නැගෙනහිර, ත්‍රිකුණාමලයට දකුණින් පිහිටා ඇති සෝමාවතිය ජාතික උද්‍යානය 1986 සැප්තැම්බර් 12 වන දින ගැසට්  අංක 417/5  යටතේ  ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.මීට පෙර 1966අගෝස්තු 09 වැනි දින අභයභූමියක් ලෙස මෙය නම් කර තිබිණි. සෝමාවතිය ජාතික උද්‍යානය නැඟෙනහිර සහ උතුරු පළාත්වලට විහිදෙන අතර හෙක්ටයාර 37645.5 ක වපසරියකින් යුක්තය. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොඩ්ඩියාර්පත්තුවේ සහ උතුරු මැද පළාතේ පොළාන්නරුව දිස්ත්‍රිකයේ ඒගොඩපත්තුවද සීමා කරමින් මහවැලි භූමි ප්‍රදේශයේ  සෝමාවති උද්‍යානය පිහිටා ඇත.සෝමාවතී ජාතික උද්‍යානය තුළ ඓතිහාසික සෝමාවතී චෛත්‍යය පිහිටා තිබීම මෙම ජාතික උද්‍යානයට එනමින් හැඳින්වීමට හේතු වී ඇතැයිද සිතිය හැකිය.

සෝමාවති අභයභුමිය තුළදි  නටබුන්වූසෝමාවතියචෛතයය යළිසොයාගනුලැබුවේ 1940 දී පමණය. මහවැලිගඟේවම්ඉවුරේආසන්නයේ පිහිටාඇති ඓතිහාසිකසෝමාවතියචෛත්‍යයකාවන්තිස්සරජුගේසහෝදරියසහප්‍රාදේශීයපාලකඅභයකුමරුගේභාර්යාවවූසෝමාවතීකුමරියගේනමින්කරවු බව සඳහන් වේ. එසේම මිහිඳුමහරහතන්වහන්සේසතුව තිබූබුදුරදුන්ගේදකුණු දළදාවහන්සේතැන්පත්කිරීමසඳහාඅභයකුමරුවිසින් මෙම ස්තූපයගොඩනැගු බවද සෙල්ලිප වල සදහන් වේ. පළමුවනසියවසේසිටහතරවනසියවසදක්වාකාලයතුළසෝමාවතී චෛත්‍යයඅලුත්වැඩියාකටයුතුසිදුකළරජවරුන්බොහොමයකගේම නම්සෙල්ලිපිවල සටහන්වි ඇත.

සෝමාවතී ජාතික උද්‍යානය මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේදී අවතැන් වූ වන සතුන්ගේ ආරක්ෂාව  සහ රැකවරණය සැලසිම සඳහා  එම ව්‍යාපෘතිය යටතේ 1984 දි ප්‍රකාශයට පත් කරන ලද ජාතික උද්‍යාන හතරෙන් එකකි. වස්ගමු ජාතික උද්‍යානය,මාදුරු ඔය සහ ජලගැලුම් නිම්නය එසේ ප්‍රකාශයට පත් කල අනෙකුත් ජාතික උද්‍යාන වේ.මෙම සෝමාවතියජාතික උද්‍යානය ජලගැලුම් නිම්නය ජාතිකඋද්‍යානයටසහත්‍රිකෝණමඩුස්වභාවරක්ෂිතයටයාබදවපිහිටාඇති වැඩිපුර  විල්ලු සහිත භූමියකි.මෙහි ගංගා ඇළ දොළවලින් වටවී ඇති ජලාශ 20කට අධික ප්‍රමාණයක් පිහිටා ඇත. අලින්ගේ ප්‍රියතම ආහාරයක් වු  බෙරු නැමති තෘණ විශේෂයද මෙම විල්ලු වලදක්නට ලැබේ. මහවැලිගංගාආශ්‍රිතඇති මෙවැනි විල්ලුඒ ආශ්‍රිතව ජිවත්වනශාකභක්ෂකයන්රැසකගේ ආරක්ෂිත වාසස්ථානය බවට පත්ව ඇත.

පොළොන්නරුවේසිටකිලෝමීටර් 20ක්ඊසානදෙසින්පිහිටාඇති සෝමාවතියජාතිකඋද්‍යානයකොළඹසිටඊසානදෙසින්කිලෝමීටර්266 දුරින්පිහිටාඇත. සෝමාවතීදක්වාදිවෙනමාර්ගපොළොන්නරුවෙන්ආරම්භවනඅතරමින්නේරියෙන්දආරම්භවේ. ප්‍රවේශමාර්ගදෙකමසුංගාවිලදීහමුවෙයි.කොළඹ සිට ළඟාවියහැකි මාර්ගනම් කොළඹ,කුරුණෑගල,හබරණ,පොළොන්නරුව,රෝහල් හංදිය,සුංගාවිල වේ.දුර ප්‍රමාණය දළ වශයෙන් සැතපුම් 165ක් පමණ වේ.

 

ඊසාන හා නිරිතදිග මෝසම් වැසි හේතුවෙන් හටගන්නා ගං වතුරෙන් මෙම උදයානය වසරකට දෙවතාවක් යටවේ .මෙහිජලයටඔරොත්තුදෙනතෘණවර්ගසහජලජශාකබහුලවදක්නටලැබේ. මේ අතර මුකුණුවැන්නMukunuwenna(Alternantherasessilis),කංකුං Kankun (Ipomoea aquatica),දියහබරලDiyahabarala/Jabara (Monochoriahastata)වැනිජලජවිශේෂවේ . වඩාත්පුලුල්වපැතිරීඇතිතෘණවිශේෂවන්නේ, දියතණDiya-thna-kola (Brachiariamutica),පස්පැලුම්තණSeahorse Paspalum(Paspalumvaginatum)සහහාතණYellow water crown grass (Paspalidiumflavidum).මඳක්ගැඹුරුජලයේ, පාවෙනජලජශාකවේ.නිල් මානෙල් Blue water lily (Nymphaeastellata)සහජලයෙන්යටවූජලජශාකයද වේ. වෘක්ෂලතා අතර කුඹුක්Kumbuk (Terminaliaarjuna),මීMee(Madhucalongifolia),දිය මැඬිල්ලDiya-midella(Barringtoniaasiatica),හැළඹHalamba(Mitragynaparvifolia),එරබදුErabadu(Erythrinavariegate)වේ.

 

 

උද්‍යානයේපරිසරවැදගත්කමටප්‍රධානවශයෙන්හේතුවීඇත්තේඅලිඇතුන්  ආදි සත්වවිශේෂයන්බහුලව වීමය.සෝමාවති ජාතික උද්‍යානයේ අලින් 100-150ක ප්‍රමාණයක් ජිවත්  වන අතර මොවුන් කුඩා කණ්ඩායම් ලෙසින්ද තුන්හතරදෙනා වශයෙන්ද සැරිසරනු දැකිය හැක. අනෙකුත්කැපීපෙනෙනක්ෂීරපායීවිශේෂඅතරටහිවලුන්Golden jackal (Canisaureus), හදුන්දිවියාFishing Cat (Prionailurusviverrinus),කොළදිවියාRusty- spotted cat (Felisrubginosa),වල්ඌරාWild Boar  (Susscrofa),ගෝනුන්Sambar (Rusa unicolor),මීහරකාWater buffalo (Bubalus bubalis),තිත්මුවන්Spotted deer  (Axis axisceylonensis)ඇතුළත්වේ.

අලින් (Asian elephant)                

මුවා(Spotted deer)

සංක්‍රමණිකපක්ෂි විශේෂ75ක්පමණවගුරුබිම්වලආශ්‍රිතව දක්නටලැබේ. සාමාන්‍යසංක්‍රමණිකයන්අතරටබැමසුදුසේරුවාGarganey(Anasquerquedula), වගුරුසිලිබිල්ලාMarsh sandpiper(Tringastagnatilis),වනසිලිබිල්ලාwood sandpiper (Tringaglareola),උල්-පෙඳකෙස්වටුවාPintailed snipe(Gallinagostenura),කළු-පෙඳගොහුදුවිත්තාBlack-tailed godwit (Limosalimosa)ඇතුළත්වේ. නේවාසිකපක්ෂීන්අතර ලතුවැකියාPainted stork (Mycterialeucocephala),ආසියානුවිවරතුඩුවාOpenbill Stork (Anastomusoscitans),පුංචිඇලිකොකාLittle Egret (Egrettagarzetta), වළිකුකුලාSri lankajunglefowl ( Gallus lafayetill),දියකාවුන්Little Cormorant ( Phalacrocoraxniger),ගවකොකාCattle egret (Bubulcus ibis),හිසකළුදෑකැත්තාBlack Headed Ibis(Threskiornismelanocephalus),සහකළුපියාපත්සහිතකලපුකිරලාBlack – wined stilt (HimantopusHimantopus),රත්මුහුණුකොට්ටෝරුවාCrimson –Fronted Barbet (Psilopogonrubricapillus),පෝරැකෑඳැත්තාMalabar pied hornbill(Anthracoceroscoronatus)වේ.ජලගැලුම්නිම්නයජාතිකඋද්‍යානයසහසෝමාවතියජාතිකඋද්‍යානයයනදෙකමසංක්‍රමණිකසහනේවාසිකජලජපක්ෂීන්සඳහාඅතිශයින්වැදගත්උද්‍යාන වේ. 

මහවැලි කලාපය තුළ රක්ෂිත ප්‍රදේශ සඳහා සමස්ත පද්ධති සැලැස්මක් ක්‍රියාත්මක වුවද එම ප්‍රදේශය මහවැලි පරිසර ව්‍යාපෘතියට ඇතුළත් කරන තෙක් විශාල වශයෙන් කළමනාකරණයකින් තොරව සහ අනාරක්ෂිතව පැවතිණි. මිනිසුන් තම ගවයින් සමඟ සංක්‍රමණය වීමත් සමඟ ප්‍රදේශයේ වනාන්තර කොටස වගා කිරීම සඳහා එළිපෙහෙළි වී ඇත. 1970 ගණන්වල මැද භාගයේ සිට වන විනාශය වඩාත් පුළුල් ලෙස පැවැතිණ.උද්‍යානය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නීතිවිරෝධී දැව කැපීම, දුම්කොළ වගාව සහ ගවයන්ගේ පැමිණිම ක්‍රමයෙන් අඩුවන්නට විය.

සෝමාවතිය ප්‍රදේශයේ ජිවත් වන ජනයාට අලින්ගෙන් සිදු වන හානියඅද වන තුරුද පවති.ඊට එක් හේතුවක් වන්නේ වන්දනාකරුවන් විසින් ඉතිරි කරන ලද කසළ ආහාර සොයා  සතුන්ගේපැමිණිමයි.

සෝමාවතීජාතිකඋද්‍යානයපිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

சோமாவதிய தேசிய பூங்காதொடர்பான விளக்கத்தில் காணப்படும் விலங்குகளின் பெயர்ப் பட்டியல்

List of animals in the Somavatiya National Park

Sinhala Names

Tamil Names

English Names

Botanical Name

හිවලා

செந்நரி

Golden jackal

Canisaureus

හදුන්දිවියා

மீன்பிடிப்பூனை

Fishing Cat

Prionailurusviverrinus

කොළදිවියා

துரும்பன் பூனை

Rusty- spotted cat

Felisrubginosa

වල්ඌරා

காட்டுப் பன்றி

Wild Boar

Susscrofa

ගෝනා

மரை

Sambar

Rusa unicolor

මීහරකා

எருமை

Water buffalo

Bubalusbubalis

තිත්මුවා

புள்ளி மான்

Spotted deer 

Axis axisceylonensis

බැමසුදුසේරුවා

சீலச் சிறகி

Garganey

Anasquerquedula

වගුරුසිලිබිල්ලා

சின்ன பச்சைக்காலி

Marsh sandpiper

Tringastagnatilis

වනසිලිබිල්ලා

பொரி உள்ளான்

Wood sandpiper

Tringaglareola

උල්-පෙඳකෙස්වටුවා

ஊசி வால் கோரை உள்ளான்

Pintailed snipe

Gallinagostenura

කළු-පෙඳගොහුදුවිත්තා

கருவால் மூக்கன்

Black-tailed godwit

Limosalimosa

ලතුවැකියා

மஞ்சள் மூக்கு நாரை

Painted stork

Mycterialeucocephala

ආසියානුවිවරතුඩුවා

நத்தை குத்தி நாரை

Openbill Stork

Anastomusoscitans

පුංචිඇලිකොකා

சின்னக் கொக்கு

Little Egret

Egrettagarzetta

වළිකුකුලා

காட்டுக்கோழி

Sri lankajunglefowl

Gallus lafayetill

දියකාවා

சின்ன நீர்க்காகம்

Little Cormorant

Phalacrocoraxniger

ගවකොකා

உண்ணிக் கொக்கு

Cattle egret

Bubulcus ibis

හිසකළුදෑකැත්තා

இந்திய வெள்ளை அரிவாள் மூக்கன்

Black Headed Ibis

Threskiornismelanocephalus

කළුපියාපත්සහිතකලපුකිරලා

நெடுங்கால் உள்ளான்

Black – wined stilt

HimantopusHimantopus

රත්මුහුණුකොට්ටෝරුවා

இலங்கை குக்குறுவான்

Crimson – Fronted Barbet

Psilopogonrubricapillus

පෝරැකෑඳැත්තා

மலபார் கறுப்பு வெள்ளை இருவாய்ச்சி ஆகும்

Malabar pied hornbill

Anthracoceroscoronatus

 

සෝමාවතී ජාතිකඋද්‍යානයපිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

சோமாவதிய தேசிய பூங்காதொடர்பான விளக்கத்தில் காணப்படும் தாவரங்களின் பெயர்ப் பட்டியல்

List of trees in the Somavatiya National Park

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

මුකුණුවැන්න

பொன்னாங்காணி

Mukunuwenna

Alternantherasessilis

කංකුං

கங்குங்

Kankun

Ipomoea aquatica

දියහබරල

கருங்குவளை

Diyahabarala/Jabara

Monochoriahastata

දියතණ

எருமைப்புல்

Diya-thna-kola

Brachiariamutica

පස්පැලුම්තණ

கடற்குதிரை பஸ்பம்

Seahorse Paspalum

Paspalumvaginatum

හාතණ

அரிசிப் புல்

Yellow water crown grass

Paspalidiumflavidum

නිල් මානෙල්

நீல அல்லி

Blue water lily

Nymphaeastellata

කුඹුක්

வெண்மருது

Kumbuk

Terminaliaarjuna

මී

இலுப்பை

Mee

Madhucalongifolia

දිය මැඬිල්ල

அரட்டம்

Diya-midella

Barringtoniaasiatica

හැළඹ

நீர்க்கடம்ப மரம்

Halamba

Mitragynaparvifolia

එරබදු

முள்முருக்கு

Erabadu

Erythrina variegate

සංස්කාරක– දම්මිකා මල්සිංහ, අතිරේක
ලේකම් (ව්‍යාපෘති)
, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය,
කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය
පිළිබඳව විස්තර-
හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,

මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී
සංරක්ෂණ දෙපාර්තමේන්තුව
      

දෙමළ පරිවර්තනය-ඒ.ආර්.එෆ්.
රිෆ්නා
, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන
සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය- අසෝක
පලිහවඩන
, පරිවර්ථක,වනජීවී හා වන සම්පත්
සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම-සී.ඒ.ඩී.ඩී.ඒ. කොල්ලුරේකළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන
සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූප-
රෝහිත ගුණවර්ධන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව