简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

පශු වෛද්‍ය නිලධාරීන්ගේ නොවිසඳුනු රාජකාරි ගැටලු සුදුසු ක්‍රියාමාර්ග ගෙන කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍යාංශ ලේකම්තුමියට උපදෙස් දෙයි….

Content Image

පශු වෛද්‍ය නිලධාරීන්ගේ නොවිසඳුනු රාජකාරි ගැටලු සුදුසු ක්‍රියාමාර්ග ගෙන කඩිනමින්  විසඳීමට කටයුතු කරන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍යංශ ලේකම්තුමියට උපදෙස් දෙයි….

 අමාත්‍යතුමිය මේ බව පැවසුවේ ඉකුත්දා අමාත්‍යංශය යටතේ පවතින ආයතනයන්හි සේවය කරන පශු වෛද්‍යවරුන්ගේ ගැටලු සොයාබැලීම සඳහා පැවති සාකච්ඡාවකදීය.

එහිදී තමන්ට තිබෙන තනතුරු සම්බන්ධ ගැටලු මෙන්ම වැටුප් හා දීමනා සම්බන්ධ ගැටලු පශු වෛද්‍ය නිලධාරීන් විසින් අමාත්‍යතුමියට පැහැදිළි කරදෙන ලද අතර රාජකාරි ස්වභාවය සම්බන්ධයෙන්ද පැහැදිළි කිරීමක් සිදුකෙරිනි.

එම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පශු වෛද්‍යවරුන් සිදුකරන මානුෂීය කැපකිරීම සම්බන්ධයෙන් තමන් ගෞරව කරන බව පැවසීය.

ඔවුන්ට ලැබිය යුතු පහසුකම් සැළසීමට කටයුතු කටයුතු කරන ලෙස උපදෙස් ලබාදුන් අමාත්‍යතුමිය පුරප්පාඩු පිරිවීමට කඩිනමින් කටයුතු කරන ලෙසත්, අවශ්‍ය උසස්වීම් හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන ලෙසත් උපදෙස් ලබාදුනි.  

අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත්, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත ඇතුළු නිලධාරීන්ද පශු වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් පශු වෛද්‍ය පී.එම් අකලංක, පශු වෛද්‍ය බී.ඒ.ඩී.එස්. ජයවර්ධන ඇතුලු පශු වෛද්‍ය නිලධාරි පිරිසක්ද එක්ව සිටියහ.